මීගමුව නගරාධිපති අල්ලසකට කොටුකිරිමේ සැලැස්මක් හෙළිවේ? ..?

0
161

මීගමුව නගාරාධිපතිවරයාගේ තෙවන ධුරය කාලය පසුගිය දා නිමාවිය. දැන් ඇරඹි ඇත්තේ අවසන් වසරය.
මේ නිසාම අවසන් වසරේ හෝ මීගමුව නගරාධපතිධුරය දැරිමේ නොනිත් අශාවෙන් පසුවන නාගරික මන්ත්‍රිවරයෙකු නගර සභාව ුතුල සිටි.
පසුගිය කාලය තුල ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයාව කෙසේ හෝ ධුරයෙන් පහකිරිම අරමුණු කොටගත් මෙහෙයුම් රැසැක්ම දියත්ව තිබුණි.
ඉන් ප්‍රධාන එක ුවුයේ පසුගිය වසරේ අයවැය පරාජයට පත් කිරිමයි.
කෙසේ හෝ ඒ තත්වය කළමණාකරණය කරගන්නට නගරාධිපතිවරයා සමත්විම නිසා තවදුරටත් ධුරයේ රැදි සිටිමේ වාසනාව ඔහුට හිමිවිය.
තතු එසේවුුවද පසුගිය දිනක නගරාධිපතිවරයා අල්ලස් ගැනිමට ඉඩසලසන අවස්ථාවක් නිර්මාණය කොට එහිදි කොටුකරගෙන නිති මගින් ධුරයෙන් පහකිරිම මෙහි අරමුණුව පැවැති බව මීපුර වෙත වාර්ථා වේ.
නගරය තුල නිතිවිරෝධි ලෙසින් ගොඩනගා ඇති ගොඩනැගිල්ලක් මුල්කරගෙන මේ සැලැස්ම ක්‍රියාත්මක විමට නියමිතව තිබුණි.
නගරාධිපතිධුරයේ තෙවන සැමරුම් උත්සවයේදි නගරාධිපතිවරයා මේ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශකර තිබුණ අතර එම උත්සවය ආවරණය කරන්නට පැමිණ සිටි මාධ්‍යවේදින්ට වෙතද විශේෂ ප්‍රකාශයක් කර තිබුණි.