මීගමුව නගරාධිපති කිලි මහරාජාට කඩේ ගිය තරම මෙන්න !

0
117

sirasa(9.40 am ) කිලි මහරාජාගේ සිරස පසුගිය දා සිය 25 වන සංවත්සරය වෙනුවෙන් සංදර්ශණයක් මිගමුවේදි පවත්වන්නට යෙදුණි.
එයට නොදෙවෙනි සංදර්ශණයක් මිගමුව නගරාධිපති දයාන් ලංසාද දමා ඇත.
එය සැබැවින්ම කිලි මහරාජාගේ සංදර්ශණය තුල කළ දඟර නැටුමක් වැනිය.
කඩොල් කැලේ ක්‍රිඩාංගනය සංගීත සංදර්ශණවලට නොදිම සමබන්ධයෙන් මහසභාවට යෝජනාවක් ගෙන ආවේම දායන් ලංසාය.
කිලි ඉදිරියේ සිය ප්‍රතිපත්ති කිල්ලට හසුුවුවා සේ දයාන් ලංසා විසින්ම ඒ තින්දුව කඩා දමා සිරසට කඩොල් කැලේ පිට්ටනය නොමිලේම ලබා දි තිබුණි.
එපමණක් නොව බැනර් කට්අවුට් සදහාද කිසිදු අයකිරිමක් සිදුකර තිබුනේ නැත.ඒ සියල්ලද නොමිලේය.
මේ සහා විශාල සැලකිල්ලක් ලබාදිමට මිගමුව නගරාධිපති දයාන් ලංසා මහනගර සභාවේ නිතිය නවන්නේ ඇයි ?