මීගමුව නගරාධිපති ගෙන් ත්‍රිරෝද සංගමයක නිළධාරින්ට මැර තර්ජන !

0
88

dayan lansa mayorමීගමුව ප්‍රධාන පුරවැසියාගේ අග්‍ර පුරෝහිතයෙකු වන රූබන සුදු යනු නගරයෙ ඇති ත්‍රිරෝද සංගමයක සාමාජිකත්වය අත්හිටවු අයෙකි.
ඒ CIB අසල පිහිටි සංගමයේය.
තතු මෙසේව තිබියදි ඔහු යළිත් වරක් සිය හාම්පුතාගේ හයිය ගෙන කෙසේ හෝ තමන්ට සමාජිකත්වය දෙන්නට යැයි ඉල්ලා සිට ඇත.
එහෙත් ආදල සංගම්යේ ප්‍රධාන නිළධාරින් කියා සිටියේ යළිත් වරක් සමාජිකත්ව ලබාදිය නොහැකි  බවයි.
තතු එසේව තිබියදි මෙම ත්‍රි රෝද නිළධාරින් හමුවිමට පැමිණි  ප්‍රධාන පුරවැසියා  ත්‍රිරෝද සංගමයේ නිළධාරින්ට තග දමා කෙසේ හෝ තමන්ගේ ගෝලයා වන රූබන් සුදු හට  හෝ සමාජිකත්වය දිය යුතු යැයි තර්ජනය කොට තිබේ.
නැතිනම් එම ත්‍රිරෝද රථ ගාල එතනින් ඉවත්කිරිමට මෙන් දැනට ඔවුන් විසින් පවත්වාගෙන යන කන්ටේනර් කාර්යාලයද ඉවත් කිරිමට පියවර ගන්නා බවට තර්ජනය කොට ඇත.
මේ මැර තර්ජනය හමුවේ රූබන් සුදු නම් වු මීගමුව නගරාධිපතිගේ ගෝලයාට සාමාජිකත්වය ලබා දි ඇත.