මීගමුව නගර සභාවේ පොඩි සන්තෝෂම් නිලධාරීන්ටත් ලොකු සන්තෝෂම් පාලකයන්ටත් දිය යුතු ද????

0
187

DSC_0257
මීගමුව මහ නගර සභාවේ ශ්‍රවනාගාර පරිශ්‍රයේ මේ මස 15 වනදින පැවති රැස්වීමකදී මීගමුව නව පුරපති දයාන් ලාන්සා මැතිතුමා කතා කරමින් කියා සිටියේ සන්තෝෂම් මුදලක් නොමැතිව කිසිම වැඩක් නගර සභාවෙන් කරගත නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බවයි. නිලධාරීන් පගා ගැනීමට පුරුදු වී ඇති බව ඔහු පවසා සිටී. එමෙන්ම නිමල් ලාන්සාගෙන් පසුව නගරයට දැනෙන සංවර්ධනයක් මීගමුව නගරය තුළ සිදුවී නොමැති බව ඔහු පැවසුවේ යැයි ලංකාදීප පුවත්පත වාර්තා කර  තිබිණි.

සත්තකින්ම නිමල් ලාන්සා මැතිතුමා මීගමුව නගරය මෙන්ම ,තම පවුලේ අයව ද දංවර්ධනය කළ බව මීගමුව ජනතාවට නොරහසකි. සංචාරක කටයුතු අමාත්‍යාංශය යටතේ ලැබුණ මුදලින් ගොඩනැඟූ   කුට්ටිදූවේ මාළු ලෙල්ලම තමන්ගේ භූදලයක් මෙන් වැල්ලවීදියේ මීසමට පවරා දී
පල්ලිය තුළින් එහි බදු අයකිරීමේ ටෙන්ඩරය තම  පියාගේ  හිතවත් අයට ලබාදී එමඟින් මසකට ලක්ෂ ගණනක අදායමක් ලබාගැනීමට සලස්වා දීමත් එක් සංවර්ධන ක්‍රියාවකි.
තම පියාගේ හිතවතුන්ගේ නම යොදා අටවා ගත් සමිතියකින් මාලු ගැනීමට එන වාහන වලින් ,ගාල් කිරීමේ ගාස්තු අය කර ගැනීමට ඉඩ දීම ද  තවත් සංවර්ධන ක්‍රියාවකි.
නගර සභාවට අයවිය යුතු මෙන්ම නගර සභාවෙන් අයකරගතයුතු ගාස්තු යන්නේ ලාන්සාගේ පියාගේ ගිණුමට නොවේද ? මීගමුව බිච් පාර්ක එක වසර 10ක ක පමණ කාලයක සිට පාලනය කරන්නේ කවුද ?
එහි අදායම ලබාගන්නේ කවුද ? රැස්වීමක් හෝ සංදර්ශනයක් සදහා බීච් පාර්ක් එක ලබාගැනීමට නගර සභාවට ගිය විට එම නිලධාරීන් පවසා සිටින්නේ නිමල් ලාන්සා මහතාගේ පියා හමුවී එයට අවසර ලබාගන්නා ලෙසය.
ඒ සෑම උත්සවයකින්ම අයකරන මුදල් බැර වන්නේ එකම පුද්ගලයෙකුට නොවේද ?
මෙලෙස වෙනත් අයගේ නම් යොදා ගනිමින් මීගමුවේ පොදු දේපළ මංකොල්ලකෑමේ ක්‍රියාවලියත් නිමල් ලාන්සාගේ තවත් සංවර්ධනක් ද ?

මීගමුව බස්නැවතුම්පළ (අද එය සුළු අලියෙක් බවට පත්ව ඇත ) ඉදිකිරීමේදී කොන්ත්‍රාත්කරුගෙන් ලබාගත් සන්තෝෂම් මුදල (රු ලක්ෂ 25ක් පමණ ) ගියේ කාටද ?
බස්නැවතුම්පළත් එතුමාගේ සංවර්ධන ක්‍රියාවකි.
වර්තමාන නගර සභාවේ උපදේශක මණ්ඩලයට පත්කරන අයගේ පැටිකිරිය දෙස බැලුවහොත් තාර බැරල් 10,20 විකුණාගත් පුද්ගලයන් ද , පාසල් දරුවන්ට ඛෙදාදීමට පොත් ලබාගන්නවා වෙනුවට එම වෙළෙන්දාගෙන් ඒ පොත් වල වටිනාකම මුදලින් ලබාගත් පුද්ගලයන් ද පස් කපා වැලි කපා පරිසරයට හානි කරන අය ද කලපු සංවර්ධනය ට දුන් මුදල් වංචා කළ අය ද එම උපදේශක මණ්ඩලයේ සිටින බව මීගමුව ජනතාවම දනී.
එමෙන්ම කොච්චිකඩේ මාලු වෙළඳපොළ කඩා දමා අලුත් ගොඩනැගිල්ලක් සෑදීමට යන මේ මොහොතේ කොච්චිකෙඩේ ප්‍රදේශයේ දේශපාලකයන් දෙදෛනෙක්  නව ගොනැගිල්ලේ කඩ කාමර ලබාදෙන බව පවසමින් මුදල් එකතු කිරීමේ යෙදී සිටින බව ප්‍රදේශයේ වෙළඳ මහතුන් පවසන අතර මාලු වෙළදාවෙම් යෙදී සිටි ව්‍යාපාරිකයන්ට කඩ කාමර අහිමි වීමේ තත්ත්වයක් උදාවී ඇත.
මීගමු බස්නැවතුම්පල හදන අවදියේත් කඩ කාමර ලබාදීමේදීත් මහා පරිමාණ ගසා කෑමක් සිදුවූ බව නගරවාසීන් පවසයි. ආසියානු සංවර්ධන බැංකුවෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා ලැබී ඇති ලක්ෂ 200ක පමණ මුදලක් මෙයට යොදවා කොච්චිකඩේ වෙළඳපළ සාදා නිමකර එම මුදල් කඩ ලබාදෙන්නන්ගෙන් අයකරගැනීමට යන බව ද දැනටමත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කිරීමේ ඡාවාරමක් ආරම්භ කර ඇතැයි ද මෙම කටයුත්තේ ව්‍යාපාරික නාගරික මන්ත්‍රීවරයෙක් හා තවත් දේශපාලනඥයෙක් යෙදී සිටින බව ඔහු හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් බවත් මුස්ලිම් ජාතික නාගරික මන්ත්‍රීවරයෙක් ගෙන් වාර්තා වූ අතර මෙම ස්ථානයේ මාලු වෙළදාමේ යෙදී සිටි වෙළෙඳුන්ට සිදුවන්නේ කුමක් ද?
මීගමු නගරයේ සංවර්ධනය සඳහා යැයි කියමින් මීගමු රාජපක්ෂ උධ්‍යානය පී.ඩී.මාටින් සමගමට පවරාදුන් පුද්ගලයා කවුරුන්ද ? ඉන්පසුව හිටපු නගරාධිපති සහ  නාගරික කොමසාරිස්වරිය මැදිහත්වීමෙන් එය උසාවි නොගොස් අවලංගු කරගත් අතර වසර ගණනක් තිස්සේ නගර සභාව මගින් පුස්තකාලයට යැයි කියා පවරාගත් ඉඩමේ පුස්තකාලය නොසාදා සිටීම නිසා එහ අයිතිකරුවන් උසාවි ගිය විට එම ගැටලූව විසදා ගත්තේ හිටපු නගරාධිපතිවරයා සහ හිටපු නාගරික කොමාසරිස්වරිය නොවේ ද?
ඉඩම පවරාගත් කාර්්‍යය වූ පුස්තකාලය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කර අධිකරණයට එය  පැහැදිලි කර දී ඉඩම නිදහස් කරගත්තේ හිටපු නගරාධිපති සහ කොමසාරිස්වරිය නොවේ ද?

වර්තමානයේ මීගමුව නගරයේ වත්මන් නගරයේ කොන්ත්‍රාත් කටයුතු සියල්ලම තැරුව්කරුවන් මගින් හිතවත් කොන්ත්‍රාත්කරුවන් දෛනෙකුට පමණක් පවරා ඇති බව නගරවැසියන් පවසති. නගරවැසියන්,  බදුගෙවන්නන් මීගමු නගරයේ වර්තමාන පාලනය ගැන දෙඇස් ඇර බලා සිටිය යුතු බව පවසමු.


කේ.ලියනගේ.