මීගමුව නගර සභා‍ව ලැබු සම්මාන සහ සේවක ඇගයීමේ උත්සවයක්….

0
106

 

1(12.30pm)මීගමුව  නගරසභාව  “  පිවිතුරු  පුරවිරු,,  නමින්  2017   වසරට  ලබාගත්  සම්මාන  කිහිපයක්  පිළිබදව  සහ  සෙවකයින්ගේ   සේවාව  ඇගයීමේ  උත්සවයක්   අද (26 දා )  පැවැත්වින.  ප.ව.  2.30 ට   පමණ  චාරිත්‍රානුකූලව   පොල්තෙල්  පහන  දැල්වීමෙන්  අනතුරුව   රැස්වීමේ කටයුතු  ආරම්භකරන ලදී.    මේ අතර සංස්කෟතිකාංග  කිහිපයක්ද   ඉදිරිපත් විය.  ප්‍රථමයෙන්  ස්තුති  කථාව  කළ  නාගරික  කොමසාරිස්   සුගත්  පුෂපකුමාර  මහතා       පැමිණ සිටි  විවිධ   ක්ෂේත්‍රවල  පිරිසට  ස්තුති  කළ    අතර  නගර සභාව  ලැබු  සම්මාන   ගැනද  මතක්කරන ලදී.

*බස්නාහිර පළාතේ   හොදම  කසල  කලමණාකරණයට   පළමු ස්ථානය.

*ඩෙංගු  මර්දනය  සදහා  විශේෂ  ඇගයීම්  සම්මානය.

*  බස්නාහිර  පළාතේ   මිහිසරු  සම්මාන  උළෙලේදී   බස්නාහිර පළාත්  කොම්පෝස්ට්  ව්‍යාපාරය  සදහාවු  ලෝකඩ  සම්මානය.

* “නිසි  කසල  කලමණාකරනය  පිළිබද  පිවිතුරුපුර ,,  ජනාධිපති  සම්මානය. යනාදී  වශයෙනි.

මීට අමතරව   විශ්‍රාම  ගිය  නගරසභා  සේවක   මහතුන්   පිළිබද  ඇගයීමක්ද   තිළිණ  ප්‍රදානයක්ද  සිදුවිය.

ඉන්පසු   මීගමුව  මහනගරසභාවේ   විවිධ ‍ක්ෂේත්‍රයන්හි   ප්‍රගතිය   දැක්වෙන  වීඩියෝ  පටයක්   නැරඹු  පසුව  පළාත්පාලන   කොමසාරිස්   තුමිය  මීගමුව  නගරසභාවේ   කාර්්‍යභාරයන්   සහ  ප්‍රගතිය   අගයමින්   දීර්ඝ කථාවක්   කරන ලදී.

අද දින  මෙම  උත්සවය  සදහා   පළාත්පාලන  කොමසාරිස් ,  මීගමුව  නාගරික කොමසාරිස්,  නාගරික ලේකම්,  ප්‍රධාන  වැඩබලන  සෞඛ්‍ය පරීක්ෂක  ,   පරිපාලන    සෞඛ්‍ය  පරීක්ෂක  ඇතුළු  සෞඛ්‍ය  පරීක්ෂක  මහතුන්,නාගරික ඉන්ජිනේරු,  පරිසර  පොලීසියේ  පේමසිරි  මහතා   ඇතුළු පරිසක්ද   සහභාගිවිය.