මීගමුව නත්තල් පොළ මෙවරත් කප්පම්කාරයන්ට …???

0
63

මීගමුව නත්තල් පොල කවදත් පුවත් මවන තැනක් බවට පත්ව ඇත්තේ එහි පාලනය භාරව සිටින මීගමුව නගර සභාවට එවැන්නක් හෝ පාලනය කරගැනිමට ඇති  නොහැකියාව නිසාවෙනි.අප මේ පිළිබදව තොරතුරැ රැසක් දැනටමත් අපේ පාඨකයන් හමුවේ තබා ඇත්තෙමු.

2011 වසර සදහා නත්තල් පොල ටෙන්ඩර් කර එය ලබා ගත් තැනැත්තන් විසින් නගර සභාවට මුදල්ද ගෙවා තිබියදි මුදල් කාරක සභාව මේ ටෙන්ඩරය අවලංගු කරමින් එහි පාලනය නගර සභාවට වෙත පවරා ගත්තේ මේ පොල නගර සභාවෙන් කරනවාට වඩා බදු දිම සුදුසු යැයැ අදාල නිළධාරින් පවා නිර්දේශ කර  තිබියදිය.

අප අවස්ථා කිපයකදිම පෙන්වා දුන් පරිදි දැන් මේ පොලේ ඇත්ත අධිකාරිය යළිත් ඇමති නිමල් ලංසාගේ ආධාරකරුවන් අතට පත්ව තිබේ.පසුගිය දිනක මීගමුව පොලිසිය විසින් නත්තල් පොලේ කඩදමා සිටි වෙළදුන්ට එරෙහිව නඩු පවරනු ලැබු අවස්ථාවේදි හෙලිව තිබුනේ මීගමුව නගර සභාව විසින් නියම කරනු ලැබු මුදලට වඩා විශාල මුදලක් මේ වෙළදුන් විසින් මේ කප්පම් කරැවන් වෙත ගෙවා ඇති බවය.මේ පිලබද තවත් තොරතුරැ ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන්නෙමු.