මීගමුව නවලෝක රෝහලේ අළුත උපන් දරුවෙකුගේ මුහුණ කැපිලා ? පුහුණුකම් සහිත කාර්ය මණ්ඩල ගැටළුවක්ද ?

0
206

Baby picදරුප්‍රසුතිය සදහා  සූදානම්වෙමින්  සිටි මවක් මීගමුව නවලෝක රෝහලට  ඇතුළුවී  සිටියේ   සාමාන්‍ය ප්‍රසුතියකට වුවත් පසුව රෝහලේ උපදෙස් පරිදි සිසේරියන් සැත්කමක් බවට පත්විය .
සැත්කමට භාජනය කොට දරු උපත සිදුව  තිබුණ අතර එහිදි දැනගන්නට ලැබුනේ මේ බිළිදාගේ මුහුණ කැපි ඇති බවයි.
දරුප්‍රසුතිය සදහා නිසි පුහුණුවක් ලද සුදුසුකම් සහිත කාර්ය මණ්ඩලයක් මේ රෝහලේ ඇත්තද යන්න සාධාරණ සැකයක් තමාට ඇතැයි මීපුර අමතා කියා සිටියේ මීගමුවේ සිටින පළපුරුදු වෛද්‍යවරයෙකි.
එපමණක් නොව අළුත උපන් දරුවන් වෙනුවෙන් PBU ( Premature  Babies Unit) එකක් පවා මේ රෝහලේ නැතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.
සාමාන්‍ය දරුඋපතක් සදහා රෝහලේ අයකිරිම් වශයෙන් දන්වා සිටින්නේ රු 30000 ක් පමණ වන අතර සිසේරියන් සැත්කමක් සදහා වන මුදල රු ලක්ෂ 2 කකටත් වඩා වැඩිවන බව වාර්ථා වේ.
කෙසේ වෙතත් මේ තත්වය බරපතල එකකි.
ඉහත සිදුවීමෙන් හැඟවෙන්නේ තමන් වෙත එන රෝගීන් වෙනුවෙන් නිසි ප්‍රතිකාර කිරිමට තරම් ප්‍රමාණවත් පරිචයක් සහිත කාර්ය මණ්ඩලයක් නවලෝක රෝහලේ නැතිකම මෙන්ම ඊට සරිලන අනෙකුත් සේවා පහසුකම් පිළිබඳව දැන් ගැටළු මතුවෙමින් තිබෙන බවද ?
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නවලෝක රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ සිසේරියන් සැත්කම්වලදි අඬු යොදා දරුවන් එළියට ගැනිමේදි මෙසේ මුහුණු රත් පැහැ ගැන්වෙන බවය.
එහෙත් අප විසින් මේ මතුකරන සිදුවීම අරභයා ,පැහැදිලිව ඒ බිළිදාගේ මුහුණ කැපි ඇත්තේ  සැත්කම් පිහියකින් බව  අපට අවධාරණය කර සිටියේද මේ ගැන හොඳ අවබෝධයක් ඇති වෛද්‍යවරයෙකි.