මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාරට එරෙහිව ඩෙංගු නඩුවක් ? ඇමති රාජිත ප්‍රසිද්ධියේ කියයි!

0
57

Rajithaසෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අද ( 2017/04/21) ඉතාමත් වැදගත් ප්‍රකාශයක් සිදුකළේය.එනම් ලංකාවේ කිසියම් හෝ රාජ්‍ය අයාතනයක ඩෙංගු කිටයන් හමුව ඇත්තේ නම් අදාල රාජ්‍ය ආයතනයේ ප්‍රධානියාට එරෙහිව අනිවාර්යෙන්ම නඩුපැවරිය යුතු බවය.
එය පාසැලක් නම් විදුහල්පතිවරයාටය.මේ නියමයට අනුව මහනගර සභාවක ඒ නඩුව අනිවාර්යෙන්ම එහි කොමසාරිස්වරයාට එරෙහිව විය යුතුය
මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස් සුගත් කුමාර යනු මහජන මුදල් වැය කරමින් ජපානයට ගොස් සති ගණනක් පුරාවට කසල කළමණාකරණය ගැන විශේෂ පුහුණුවක් ලැබුවෙකි.එහෙත් ඔහු ලැබු ඒ දැනුම කිසිවිටකත් නගරයේ කසල කළමණාකරණය වෙනුවෙන් යෙදවිමට ඔහු පියවර නොගත්තා පමණක් නොව අඩුම තරමින් මීගමුව මහනගර සභාව වත් පිරිසිදු තැනක් ලෙස ගොඩනැගිමට ඔහු අපොහොසත් විය .ඒ වෙනුවට ඔහු කලෙ නගරයේ වියදම් අඩුකොට අදායම් වැඩිකිරිම සදහා පිස්සෙකුට හැතැම්ප නැති ගානට කටයුතු කිරිමය.

මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වුයේ මීගමුව නගර සභා ඉතිහාසයේ පළමු වරට නගර සභා සේවකයන් 11 දෙනෙකු ඩෙංගු රෝගින් බවට පත්විමය.මේ සියළු දෙනා මීගමුව රෝහලෙන් ප්‍රතිකාර ලබාගති.
ඩෙංග් කිටයන් අතටම හසුවිය.
අප දන්නා තරමින් ලංකාවේ කිසිදු පළාත් පාලන ආයතනයක මෙතරම් ඩෙංගු රෝගින් පිරිසක් හමුවි නැත.
එපමණක් නොව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාට  නගරය කසල කළමණාකරණයෙන් හෝ ඩෙංගු වසංගත තත්වයකින් මුදවාගැනිමට  නොහැකිවිම හේතුවෙන් ඊට ජිවිතයකින් වන්දි ගෙවන්නට සිදුවන්නේ අළුත්කුරුව ප්‍රදේශයේ කුඩා දරුවෙකුට හටය.

ඩෙංගු රෝගයෙන් මිය සෙත්මි දියණිය

මෑත ඉතිහාසය තුල මීගමුව තුල වාර්ථා වු පළමු ඩෙංගු මරණය වන්නේද මෙයයි.
මේ පසුබිම යටතේ සෞඛ්‍ය ඇමතිවරයා විසින් කරන්නට යෙදුන ප්‍රසිද්ධ ප්‍රකාශයට අනුව ලංකාවේ පළමු දඩුවම විදින්නට සිදවන රාජ්‍ය නිළධාරියා විය යුතුව ඇත්තේ මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර හැර වෙන කව්ද ?
රාජිත ඇමතිතුමෙනි ඔබට පළමු ඔත්තුව අපෙන් ,නිතිය ක්‍රියාත්මක කර රටටම පෙන්වන්න.