මීගමුව නාගරික කොමසාරිස්ට බරපතල චෝදනාවක්!

0
73

මිගමුවේ මළල ක්‍රිඩා සඳහා භාවිතා කිරිමට ඇති එකම ක්‍රිඩා පිට්ටනිය වු කඩොල් කැලේ ක්‍රිඩා පිටිය කිසිදු වගකිමකින් තොරව විනාශ මුඛයට ඇද දැමිමට නාගරික කොමසාරිස්වරයා කටයුතු කිරිම සම්බන්ධයෙන් මේ වන විට බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.

පසුගියදා කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ පැවැති කාණිවල්  එකක් හේතුවෙන් මේ වන විට ක්‍රිඩාපි⁣ටිය බරපතල ලෙසින් විනාශ වි ඇතිබව මිගමුවේ හිටපු නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා අවධාරණය කර සිටි.

ජාතික ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකරිකයෙකුද වන ඔහු කියා සිටින්නේ නාගරික කොමසාරිස්වරයාගේ වගකිම් විරහිත නගර පාලනය එරෙහිව කඩිනමින් කටයුතු කිරිමට සිදුව ඇති බවය.

මේ අතර ක්‍රිඩා පිටියේ ක්‍රිඩාවන්හි නිරතව සිටි අයද අදහස් දක්වමින් කියා සිටියේ ආරක්ෂිතව ක්‍රිඩා කළ නොහැකි අයුරින් මෙය දැන් විනාශයට යමින් ඇති බවය.

කාණිවල් එකට ඉදිකරන ලද තාවකාලික වැසිකිලි පවා තවමත් නිසි ලෙසින් ඉවත් කර නොමැති බවද මෙම ක්‍රිඩකයෝ කියා සිටියහ.

විදුරු කටු නිසා ක්‍රිඩකයන්ගේ කකුල්.තුවාල වි ඇති බවටද චෝදනා එල්ලවේ.

පසුගිය ලංසා පවුල් පාලනය තුල මිගමුවේ ක්‍රිඩා පිටි ඔවුන්ගේ හිතවතුන්ට රිසි සේ බුක්ති විදිමට ලබා දි තිබුණි.