මීගමුව නාගරික කොමසාරිස් නිළ නිවසේ ගෙවිම් ගැන ආණ්ඩුවට බොරු කියලා ?

0
139

මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ නිවස සදහා නගර සභාව විසින් දරනු ලබන රු 25000 ක මුදල පවුලේ  දෙදෙනාම රජයේ රැකියාවන නිරතව සිටි නම් 17% ලෙසින් එකි වියදමට දායක විය යුතුව තිබේ.
ඒ අනුව නාගරික කොමසාරිස් විසින් 12% ක් ලෙසද මහවැලි අධිකාරියේ සේවය කරනු ලබන බිරිඳ 5% වශයෙන්ද 17% ක මුදලක් රජයට ගෙවිය යුතුව තිබුණද කොමසාරිස්වරයා විසින් සිය බිරිඳගේ රැකියාව පිළිබදව සදහන් කොට නොමැති නිසා දැන් ගෙවෙන්නේ 12% ක් පමණක් යැයි වාර්ථා වේ.
මින් පෙනි යන්නේ රජයට එරෙහිව නාගරික කොමසාරිස්වරයා විසින් වංචාවක් සිදුකර ඇති බවය.
මේ සමබන්ධයෙන් අප මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන්  විමසා සිටි අවස්ථාවේදි ඔහු පිළිතුරු දිම ප්‍රතික්ෂේප කරමින් වෙන වෙලාවක කථා කරන ලෙස ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here