මීගමුව නාගරික කොමසාරිස්ට ජපන් යන්න ගුවන් ටිකට් පත් අරන් දුන්නේ පොළ ටෙන්ඩර්කරුවෙක්ද ?

0
214

SQ flightමීගමුව නාගරික කොමසාරිස්වරයා පසුගිය කාලයේ මසකට අධික කාලයක් සදහා ජපන් ගොස් තිබුණි.
ඒ කසල කළමණාකරණය සදහා පැවැති වැඩමුළුවකටයැයි  යැයිද සැලවුණ අතර ඒ සදහා සභභාගි විය යුතු නියම සුදුස්සන් වන්නේ අදාල විෂය ක්‍රියාත්මක කරවන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වුවද කෙසේ හෝ එහි ගොස් තිබුනේ කොමසාරිස්වරයාය.
තතු එසේව තිබියදි දැන් තවත් කරුණක් පිළිබදව කසුකුසුවක් ඇරඹි තිබේ.
එනම් මේ ජපන් ගමන සදහා වු ගුවන්ටිකට් පත කොමසාරිස්වරයා හට ලබා දි ඇත්තේ මීගමුවේ පොළ ටෙන්ඩර්කරුවෙකු විසින්ද යන කරුණයි.
මීගමුවේ බදු ගෙවන ජනතාවෙනි ඔබ පුදුම නොවන්න .අස්වනු නෙලනුයේ වපුරපු හැටියටමය.
ලංසාකරණයට බදුන් වු මහනගර සභාවක පරිපාලන අධිකාරිය විසින් මෙයට වඩා වෙනස් දෙයක් කරාවි යැයි ඔබ සිතන්නේද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here