මීගමුව නාගරික කොමසාරිස්ගේ පාලනය යනු කප්පම්කරුවන්ට උඩගෙඩි දිමක්ද ?

0
72

bribery-1newමීගමුව මහනගර සභාව විසින් 2016 වසර සදහා නත්තල් පොලවල් බදු දිමේදි කලින් වසර වලට වලට වඩා වැඩිමුදලකට ඒවා ලබාදෙමින් නගර සභාවට ලොකු අදායම් එක්කර දෙන්නට කටයුතු කර ඇතැයි ඇතමෙකු සතුටු වන බව පෙනේ.
එහෙත් බහුතරයකට අමතකව ගිය කරුණු වි ඇත්තේ වැඩිමිළ ටෙන්ඩර යනු පදික වෙළදුන් සුරාකන්නටත්   සිතු ගණන් අයකරමින් කප්පම් කල්ලි ලෙසින් හැසිරෙන්නට ලයිසන් ලබාදි ඇති සෙයකි.
මේ අනුව මෙවර නත්තල් පොල ටෙන්ඩරයේදි ඉතා පැහැදිලි ලෙසින් ටෙන්ඩර්කරුවා විසින් පදික වෙළදුන් තලාපෙලා දමා අධික ලෙසින් මුදල් අයකර තිබුණ බව අප විසින් දැනටමත් වාර්ථා කොට ඇත.
ටෙන්ඩර් කොන්දේසිවලට අනුව නම් දිග් අඩියක් රු 1500 ක මුදලකට මිළ කළ්‍යුතු වුවත් අදාල ටෙන්ඩර්කරුවා ලක්ෂ ගණනින් මුදල් අයකරමින් ඇතැම් ස්ථානවලින් ලක්ෂ ගණන් ලබාගෙන තිබුණි.
එහෙත් මේ මහදවල් කප්පම් සෙල්ලම ගැන කොමසාරිස්වරයා මීක් කිවේ නැත.
යහපාලන රජයේ මීගමුවේ ප්‍රධාන නියෝජිතයා ලෙසින් එජාප සංවිධායක රොයිස් විජිත මහතා විසින් මේ ගැන කොමසාරිස්වරයා වෙත කල් ඇතිවම ලිඛිතව දන්වා තිබුණද මේ  ටෙන්ඩර් කොන්දේසි කඩකිරිම පිළිබදව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනිමට කොමසාරිස් පාලනය පියවර ගත්තේ නැත.
යහපාලන රජයේ දෛවයේ සරදම වි තිබුනේ මේසේ නත්තල් පොලේ කප්පම් සෙල්ලම ක්‍රියාත්මක කළ පොළ ටෙන්ඩර්කරුවා යහපාලන රජයේ එජාප මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ  ප්‍රබල ආධාරකරුවෙකු විමය.