ඉන් ඔහු ලබන පරිණත බව මෙන්ම නිපුණතා සියල්ල යහපාලන රජයේ අරමුණු තවදුරත් රාජ්‍ය සේවය තුලට එක්කරගනිමින් මීගමුව නගරය පාලනය කිරිමට ඉඩප්රස්ථා සලසා ගනු ඇති බවටද විශ්වාස කරමු.
ඒ ගැන මීපුර වෙබ් අඩවිය විසින් ඒ මහතාට උණුසුම් සුභපැතුම් ගෙන එන අතර පසුගිය සතියේ අප විසින් ඒ මහතා 3 වන ශ්‍රේණියේ පරිපාලන නිළධාරියෙකු යැයි ලියා තැබු සටහන නිසා ඒ මහතාට කිසියම් සිත්තැවුලක් අපහසුවක් නගරය පාලනය කිරිමට යම් අසිරුතාවයක් වුණි නම් ඒ ගැන අවංකව කණගාටු වන බවද මෙහිලා සටහන් තබනු කැමැත්තෙමු.
මහනගර සභාවක නාගරික කොමසාරිස්ධුරය යනු 1 වන පෙළේ ශ්‍රේණිධාරියෙකු විසින් සිදුකළ යුත්තක් වි තිබුණද මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාට ඒ කඩඉමද නුදුරු අනාගතයේදිම සඵල කරගැනිමට හැකිවේවා යන හෘදයාංගම ප්‍රාර්ථනයද එක්කර සිටින්නට කැමැත්තෙමු.