කට්ටුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රි 7 ට පමණ 10 දෙනෙකු සමග පැමිණ ඇතැයි කියන මාක්සුජිත් ම්න්ත්‍රිවරයා එම ස්ථානයේ වු නිවසකට පහරදි විදුරු කඩාබිද දමා අලාභහානි සිදුකර ඇත.එම නිවසේ හිමිකරු එංගලන්තයේ පදිංචිව සිටින හෙයින් සිදුවන්නේ කුමක්දැයි විමසිම සදහා ඔහුගේ සොහොයුරෙකු පැමිණ ඇත.එම අවස්ථාවේ සිදුව ඇතැයි කියන බහින් බස්විම අතරේ මාක්සුජිත් මන්ත්‍රිවරයා විසින් කඩුවකින් මිය ගිය පුද්ගලයා දෙපාවලට පහර දිම හේතුවෙන් ප්‍රධාන ධමනි කැපි අධික රුධිර වහනයක් සිදුවුවද කඩිනමින් ඔහුව රෝහලට ගෙනයාමටද එහි සිටි මැරයන්ගෙන් ඉඩක් ලැබි නැත.මේ අතර රෝහල් ආරංචි මාර්ග මාර්ගපවසා සිටින්නේ මරණයට හේතුව අධික රුධිර වහනයයි.එහෙත් මේ වනතුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.