මීගමුව නාගරික මන්ත්‍රි ලලිත් ටෙන්සිල්ට අහිමි වු මන්ත්‍රිධුරයට ශ්‍රිලනිපෙන් අයෙකු නම් කෙරේ ….

0
135

Lalith-Dencil-

( 10.00 am ) මීගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සහ නාගරික මන්ත්‍රි ලලිත් ටෙන්සිල් හට සිය නාගරික මන්ත්‍රිධුරය මේ වන විට අහිමිව ගොස් ඇත. එයට හේතුව වි තිබුනේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ඔහු සමගි බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කිරිමය.
මේ අනුව ශ්‍රිලනිපය විසින් මේ වනවිට වැල්ලවිදිය ප්‍රදේශයෙන් රෝහාන් යන අයෙකු ඒ පුරප්පාඩුව සදහා පත්කොට තිබේ.
ඔහු ශ්‍රිලනිප ලයිස්තුවේ සිටි අයෙකි.
මේ අතර ශ්‍රිලනිපයෙන් තරඟ කොට ඉහල මනාප අගයන් ගත් තවත් කිපදෙනෙකු සිටියදි ලයිස්තුවේ සිටි අයෙකුට මන්ත්‍රිධුරයක් හිමිව තිබිම ගැන මේ වන  විටත් විවිධ කථා පැතිර යන්නට පටන් ගෙනය.
කෙසේ වෙතත් නගරාධිපති දයාන් ලංසා පසුගිය කාලය තුල කියා තිබුනේ ශ්‍රිලනිපයේ මේ පුරප්පාඩුව පුරවන්නේ තමන් බවය.ඒ අනුව නිමල් ලංසා විසින් දුන්ගාල්පිටියේ අයෙකුට මේ මන්ත්‍රිධුරය ලබාදිමට කටයුතු කරමින් සිටි බවද වාර්තා විය.ඔවුන් සිතා සිටියේ පොහොට්ටුව පමණක් නොව ශ්‍රිලනිපව පවා පාලනය කරන්නේ ඔවුන් බව කියන්නටය.
කෙසේ වෙතත් මේ පත්ව ඇති කෙනා ලංසා පවුල හා විරසකව  සිටින අයෙකු ලෙසටද ප්‍රකට තිබුණි.
ඒ අනුව අලුතින් පත්වු මේ මන්ත්‍රිවරයාගේ පත්විම පිටුපස ඇති සැබෑ දේශපාලන ගණුදෙනුව කුමක්ද යන්න තවත් සතියක් කාලයක් තුලදි විසදෙනු ඇතැයි දැනටමත් දේශපාලන කව වල කථා බහ වෙන්නට පටන් ගෙන ඇතැයි සැලය.මේහා බැදුණ ඩීල් එක කුමක්දැයි එවිට හෙළිවනු ඇත.