මීගමුව ප්‍රා. ලේකම් කාර්යාලය, 13 වෙනි වතාවටත් පැවැත් වූ ඉෆ්තාර් වැඩසටහන 

0
85

 

මීගමුව ප්‍රදේශයේ ජාතීන් අතර එකමුතුකම සහ සහයෝගීතාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද ” ඉෆ්තාර් ” වැඩසටහනක් පසුගිය 20 වැනි දින  සවස මීගමුව පෙරියමුල්ල “ගෝල්ඩන් පැලස්” හෝටලයේදී පැවැත්විණි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ මෙහෙයවීමෙන් එම කාර්යාලීය සංස්කෘතික අංශය හා නිලධාරීන් එක්ව මෙම ඉෆ්තාර් වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ 13 වැනි වතාවටය.
මෙහිදී පිළිගැනීමේ කතාව සිදු කළේ ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය විසිනි. ඉන් පසු මෙම ආගමික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් එම ඉස්ලාමීය ආගමික වතාවත් අනුව “” කිරාත් කීම “” සිදු කරන ලද්දේ පෙරියමුල්ල, මහා මුස්ලිම් දේවස්ථානයේ ගරු සිරාජ් මවිලවිතුමන් විසිනි.

මෙම වැඩසටහන සඳහා මීගමුව, විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍ය දෙල්වල අංගීරස ස්වාමීන් වහන්සේ සහ මීගමුව කතෝලික කලාප නාහිමි, ගරු ශාන්ති කුමාර් වැලිවිට පියතුමන් ද එලෙසම වැල්ලවීදිය, ශ්‍රී සිත්ති විනියාගර් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් වන ගරු කිරුබා කුරුක්කල්තුමන් මෙන්ම පෙරියමුල්ල, මුස්ලිම් මහා දේවස්ථානයේ ,හනීෆා ප්‍රධාන මවුලවිතුමන් ඇතුළු සර්වාගමික පූජකවරුන් සහභාගි වුහ. එමෙන්ම එම සර්වාගමික පූජකතුමන්ලාගේ අනුශාසනාවන්ගෙන් ද මෙම වැඩසටහන වඩාත් අර්ථවත් විය. තවද මීගමුව අරාබි විදුහලේ ,අල් ෂෙයික් එම්.එෆ්. එම්. ෆාරූඩ් ඉසානි විදුහල්පතිතුමන් විසින් ඉෆ්තාර් පණිවිඩය රැගත් ප්‍රධාන දේශනය සිදු කලේය.

මෙම වැඩසටහන සදහා අමානා බැංකුව, පෙරියමුල්ල මුස්ලිම් මහා දේවස්ථානයේ දායක සභාව, SEDO සංවිධානය, we are ready සංවිධානය , YMMA සංවිධානය සහ පෙරියමුල්ල ප්‍රදේශවාසීන්ගේ දායකත්වය ද ලැබී තිබිණි .

 

ඡායාරූප සහ සටහන .- රේමන් අපෝන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here