මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවට මහනගර සභාවෙන් කුඩම්මාගේ සැලකිලි !

0
73

NMC 2( 5.30 pm ) මීගමුව සංවර්ධන කමිටුව පැවැත්විමට ඉඩදිමට නොහැකි යැයි කියමින් හිටපු නාගරික කොමසාරිස්වරයා කටයුතු කර තිබුණි.
මේ කාලය තුල මිගමුව සංවර්ධන කමිටුව  පැවැත්වුයේ බෙහෙවින්ම ඉඩ මදිවු ප්‍රාදේශිය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ කුඩා ශාලාවකය.
වත්මන් නගරසභා පාලනයද මේ සදහා ඉඩක් ලබානොදිමට තරම් කුහක වි තිබුණි.
තතු එසේව තිබියදි ගම්පහ දිසාපතිවරයා විසින් කරන්නට යෙදුන විශේෂ නියෝගයක් මත නගර සභාවට එහි ශාලාව මෙම රැස්විම පැවැත්විම දිමට සිදුව තිබුනි.
ඒ අනුව අද දින රැස්විම එහි පැවැත්වුණද ඉන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහය සදහා ඇවැසි උපකරණ තබාගැනිමට මේසයක් ලබාදිමට තරම්වත් එහි පාලකයෝ කටයුතු කර තිබුණේ නැත,මේ නිසා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිට මේ සදහාම මේසයක රැගෙන ඒමට මීගමුව ප්‍රාදේශිය ලේකම්වරයාට සිදුව තිබුණි.
ප්‍රාදේශිය සංවර්ධන කමිටුව යනු ජනපති නියමයෙන් සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයන්හි අදාල සංවර්ධන කටයුතු සැලසුම් කිරිම ක්‍රියාත්මක කිරිම අධික්ෂණය කිරිම සදහා කටයුතු කරන ලබන රාජ්‍ය ව්‍යුහය වේ.NMC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here