මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව යන ගමනේ සාර්ථක පියවරක් තබයි

0
244

WhatsApp Image 2020 01 14 at 17.05.05
පසුගියදා කුඩාපාඩුවේ වින්ඩ්මිල් හෝටලේයේදී  ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුවේ වැඩසටහනක් පැවැත්විණි. මෙම අවස්ථාවට ගරු සිස්වාන් කෘෘස් පියතුමා පූජ්‍ය කන්දෙගෙදර සුමනසිරි  ස්වාමීන්වහන්සේ , ගරු  මුස්ලිම් සල්මන් මව්ලවි තුමා  සහ  අබ්දුල් අබ්දුල්ලා රහුමාන් යන ආගමික නායකයින් සහභාගී විය. මීගමුව  ප්‍රාදේශීය  අන්තර් ආගමික කමිටුව   වැඩසටහන්  ගණනාවක්  තුළ  අත්දැකීම්   ලබා  තම  අරමුණ  සාර්ථක  කර ගැනීම සඳහා   පියවර   තබමින්  සිටින බව  ශ්‍රීලංකා  සාම මණ්ඩලයේ   සංවිධායිකා  කෟෂල්‍යා  වීරකෝන් මහත්මිය  පැවසීය.

”  මීගමුව  ප්‍රාදේශීය  අන්තර්  ආගමික   කමිටුවේ  10 වන  රැස්වීම   තමයි  අද  පැවැත්වූවේ. අප  කමිටුවේ   ආගමික    නායකයින් , රාජ්‍ය   නිලධාරීන් ,  ප්‍රජාපොලිස්  සම්බන්ධීකාරක වරුන්  යන  සියළු දෙනා එකතුවෙල  2020  වසර  සඳහාවූ  මූලික  සැලැස්ම  හදාගත්තා.
ඊට  අමතරව   කමිටුවේ   ස්ථිරසාර  භාවය ගැන   සාකච්ඡා   කරා  සහ  මෙතෙක්   හඳුනා ගත්  ගැටළු  සඳහා  ගත්  පියවර  සහ  ගතයුතු  පියවර  සාකච්ඡා කරා. ඒ වගේම  කමිටුවේ  අඩුපාඩු  දුර්වලතා හඳුනා ගෙන  කමිටුවේ  එකමුතු භාවය  වර්ධනය කර ගැනීම සඳහා වූ  ක්‍රියාකාරකම් සිද්ධකරා.”


මීගමුව  කලාපය භාරව කටයුතු කරන   සිස්වාන් ද කෘෘස් පියතුමා 
”  පොලීසිය  දේශපාලනීකරණය  වීමෙන්  බිහිවෙන්නෙ  පාතාලයයි.  හමුදාව දේශපාලනීයකරණය  වීමෙන්  බිහිවෙන්නෙ  ත්‍රස්තවාදයයි. ඉදිරියේදි  ඔවුන්ගේ  සැලැස්ම  2/3 බලය අරගන්නයි.”  ආදී වශයෙන්  රට  යන පැත්ත  ගැන  පැහැදිළි  කිරීමක් කරන ලදී . එසේම  පියතුමන්ලා   150 ක් විතර  ඉන්නවා මීගමුවෙන්  පිට අයත් එක්ක ,  මීගමුව තුළ  50ක් විතර  ඉන්නවා , මේ අයගේ  සම්බන්ධතාවයේ  අඩුවක්  තිබෙන  බවත් , එයට  හේතුව  නොතේරෙන  බවත්  පියතුමා  මෙහිදී  තවදුරටත්  පැහැදිළි කරන ලදී .5

6 3 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here