මීගමුව ප්‍රාදේශීය ලේකම් ඡන්ද වැඩ අරඹයි…?

0
60

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පසුගිය දිනක මෙවර  අපොස උස්ස පෙළ නිම කළ සිසුන් වෙත ලිපියක එවා තිබේ. එහි ශිර්ෂ පාඨය වන්නේ රැකියා බැංකු වැඩසටහනට ලියා පදිංචි කිරිම සහ උසස් අධ්‍යාපනය  සදහා යොමු කිරිමේ මාර්ග උපදේශන වැඩසටහන යනුවෙනි.

එහි මෙසේද සදහන්ය…..මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන අංශය මගින් 2010 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිය මගින් පමණක් ඉදිරියේදි වෘත්තිය උසස් අධ්‍යාපනය සහ රැකියාගතකිරිම සිදුකරනු ලබන බව අවධාරණය කර තිබේ.ඒ උසස් පෙළ අවසන් වු සිසුන් තෝරාගෙන ඇතැයි දැනුම් දෙමින් ඒ සදහා  අදාල අය වෙත විශේෂිත අංකයක් දක් වා තිබේ.මේ  දැනුවත් කිරිම සදහා ඇමැතිවරු දෙදෙනෙක් සහභාගිවිමට නියමිතය.මෙදින නොපැමිණි නෙන්නේනම්  එදිනෙන්  පසු ලියාපදිංචි නොකරන බව ද දක්වා තිබේ.

ඉතින් අපට ප්‍රා.ලේ ශාන්ති කුමාර මුහන්දිරිම් මහතාගෙන් අසන්නට ඇත්තේ මේ මැතිවරණ සමයේ ඔබ වැඩපටන් අරන් නේද කියාය.