මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සාධාරණය පැවැත්විමට සභාපති එකඟවෙයි

0
35

රංජිත් රුද්‍රිගු1මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සධාරණව පවත්වන්න යැයි බලකරමින් මීගමුවේ පාපන්දු කණ්ඩායම් විසින් පසුගිය දිනක පුවත් පත් සාකච්ජාවක් පවා කැදවා තිබුණි.
එහිදි ඔවුන් පවසන්නට යෙදුනේ මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා අපක්ෂපාතිව සහ ස්වාධින ආකාරයෙන් නොපවත්වන බවය.
මේ සම්බන්ධයෙන් මීගමුවේ රෙඩ්රෝස් ක්‍රිඩා සමාජය විසින් ශ්‍රිලංකා පාපන්දු සම්මේලනය වෙත ඉදිරිපත් කර තිබුණ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදි එයට සභභාගිව සිටි මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා එළඹෙන නිලවරණය සාධාරණව පැවැත්විමට එකග වු බව මීගමුව පාපන්දු ලිගයේ උප සභාපති සහ රෙඩ් රෝස් ක්‍රිඩා සමාජයේ සභාපති නගාරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා පවසා සිටියේය.