මීගමුව පිස්කල් හන්දියේදී මාරක රිය අනතුරකින් කාන්තාවක් මියයයි ,෴

0
368

IMG-20191224-WA0024අද(24) පාන්දර 2.00ට පමණ මීගමුව පිස්කල් හන්දියේදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටී⁣ම නිසා වෑන් රථයේ සිටි කාන්තාව මියගොස් ඇත .
මෙම ලොරි රථය ධීවර රැකියාවට අදාල එකක් වන අතර වෑන් රථය කුලී පදනමින් ගත් එකක් බව සඳහන් වේ. වෑන් රථයේ රියදුරු ගුවන් හමුදාවේ අයෙකු බව පැවසේ. WPPA- 9169 දරන මෙම වෑන් රථය ලුනුකඩ හන්දියේ සිට පරණ හලාවත පාරේ පිස්කල් හන්දියට පැමිණ ඇති අතර NWLN -6440⁣ලොරි රථය කොළඔ පාරේ සිට පරණ හලාවත පාරෙන් පිස්කල් හන්දියට පැමිණ ඇත .

මෙහිදී වෑන්රථය පාර හරහා දැමීම නිසා මෙම අනතුර සිදුව අැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
වෑන් රථය වේගයෙන් ධාවනය වී අැත. මේ අනුව මියගිය කාන්තාව සිටි පැත්තේ ලොරි රථය ගැටීම ඇයගේ මරණයට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ. එසේම ලොරියේ රියදුරු මෙන්ම වෑන්රථයේ රියදුරුද තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුලත් කර ඇත . මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු මීගමුව පොලීසිය විසින් සිදුකෙරේ.