මීගමුව පුරපතිකමට කතෝලික පල්ලියේ තේරිම කව්ද ?

0
81

priest-with-My3 100මීගමුව දේශපාලනය තුල කතෝලික පල්ලියේ බලපෑම ඉතාමත් තිරාණාත්මකය.මේ නිසාම දැනටමත් සමාජ කථාබහක් මතුව ඇත්තේ මීගමුවේ පුරපතිකම පිළිබදව කතෝලික පල්ලියේ කැමැත්ත කාටද යනුවෙනි.
මේ ගැන තක්සේරුව ඉතා සරලය.
2011 පළාත් පාලන මැතිවරණයේදි දයාන් ලංසා ශ්‍රිලනිපෙන් මනාප වලින් අංක 1 කට පැමිණ තිබුණද දයාන් ලංසාගේ චරිතේ ඇති අප්සට් එක නිසාම මීගමුවේ පියතුමන්ලා මෙන්ම නිළ කතෝලික සභාවටද දායාන් ලංසා පුරපතිකිරිමට කිසිදු කැමැත්තක් පළකළේ නැත.
මේ නිසාම මනාප ලයිස්තුවේ 7 වෙනි තැනේ සිටි ඇන්ටනි ජයවිරට නගරාධිපතිවිමේ වාසනාව හිමිවිය.
ඒ එදා ශ්‍රිලනිපය ජයගත් මොහොතේදිය.
දැන් තත්වය හාත්පසින්ම වෙනස්ය.
කතෝලික පල්ලිය කොහොමටත් මහින්ද රාජපක්ෂට අකැමතිය.
රාජපක්ෂ එළවිමේදි අරගලයේදි පල්ලියද තිරාණාත්මක නිහඩ සටහනක් මිගමු තුලත් ඉන් පිටතත් සිදුකරන ලද බව කාටත් නොරහසකි.
මෙවන් පසුබිමක මහින්දට හෝ පොහොට්ටුවට කිසිදු මනාපයක් අද කතෝලික සභාවට තිබිය නොහැක.
එබැවින් මැතිවරණ සටනේද ප්‍රකෝටි ගණනින් මුදල් විසිකරමින් තොරණ් ගැසුවද ඒ සියල්ල පුස් වෙඩිලි පමණක් වන දැන් ඉතා පැහැදිලිය.
තවත් එක් කරුණක් සටහන් කළ යුතුමය
සිය මල්ලිගේ නම ඉස්සරහට දමා මැතිවරණ සටන ගෙනායමට නොහැකි නිසාම නිමල් ලංසා ඇමතිධුරයද අතහැර දමා පැමිණ දැන් දාඩිය දාගෙන පිස්සට හැතැම්ම නැති ගානට ගෙවල් ගානේ යයි.
මේ සියළු සෙල්ලම් දැම්මද දයාන් ලංසා කල් ඉකුත්වි අවසානය.
දයාන් ලංසාගේ චරිතයට ඇති දැඩි පිළිකුල නිසාම පල්ලිය කැමැති වෙන එක කරුණක් පමණක් ඇත.
එනම් සුරුවම් තියාගන්න සල්ලි ගැනිමට පල්ලියේ පාරට තාර දමා ගැනිමට වැනි කාරණා සම්බන්ධයෙන් පමණි,
එසේ නොමැතිව මීගමුව තුල දයාන් ලංසාට කිසි කළෙක පුරපතිකමට නම් පල්ලියෙන් ඉඩක් නොලැබෙන බව ඉතා පැහැදිලිය.