මීගමුව පොලිසියට අභියෝගයක් ??

0
105

ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම වානිජ දියුණුව කරා යන නගර අතර මුලට ඇත්තේ මීගමුවයි.අගනගරයේ ඇති ප්‍රධාන පෙළේ ව්‍යාපාර බොහොමයක ශාඛා මීගමුවේ ස්ථානගත වෙමින් තිබේ.
මෙම වේගවත් වානිජ සංවර්ධනය තවදුරටත් ඉහල නංවාගැනිම සදහා වන පහසුකම් සැපයිම මෙහි ඇති එක් ප්‍රධාන කරුණක් වේ.
එහෙත් මෙය අද කරුණු  කිපයක් මත අභියෝගයට ලක් ව තිබේ.
එනම් තමන්ගේ කොමිස් එකම ගැන හිතන අඩු උගත් අයවලුන් රැසකින් සමන්විත දේශපාලන අධිකාරියක් පැවතිම.මේ නිසා සිදුවන්නේ නගරයේ දියුණුව ගැන සිතනවාට වඩා තමන්ගේ මඩිය ගැන සිතිමයි.
අනෙක් කරුණ වන්නේ මේ දේශපාලන අධිකාරියට විවිධ ආවතේවකම් කරමින් හැදි වැඩුන ඒ නිසාම පගා ගැසිම සිය ජිවිකාව කරගත් බහුතරයකින් සමන්විත  පරිපාලන අධිකාරියක් පැවැතිම.
මේ කරුණු දෙක නිසාම ඉදිරියේදි මීගමුවේ මේ සිඝ්‍ර වානිජි සංවර්ධනයට බාධා පැමිණෙන්නට නියමිතය.එක් නිදහසුනක් යළිත් ගෙන හැර දක්වන්නේ නම් මීගමුව මහනගර සභාව ඉදිරිපිට ඇති කාර්ගිල්ස් ආයතනයට ඇතුළු වන ස්ථානයේ ඇති කාණු කැට අලුත්වැඩියා කර එහි එන දහස් ගණනක් වු පාරිහෝගියකයන් ට පහසුව සැලසිමට මීගමුවේ දේශපාලන අධිකාරියට මෙන්ම පරිපාලන අධිකාරියටද  නොහැකි විය.
දැන් ප්‍රශ්ණය තවත් වටයකින් එළියට පැන ඇත.
එනම් ආරක්ෂාවයි.
මුදල් ඇත්තෝ CCTV ආරක්ෂිත උපකරණ සවි කොට සිය වෙළද ස්ථානය සුරක්ෂා කරගැනිමට සිතා සිටියද පසුගිය දිනක ජුවෙල් ලංකා මෙහෙයුමත් සමගින් දැන් ඒ තාක්ෂණයද අභියෝගයට ලක්ව තිබේ.
මේ නිසා නගරයේ මෙන්ම ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව අරභයා අලුත් සැලැස්මක් සකස් කිරිමේ වගකිම යළිත් මීගමුව පොලිසියට පැවරි ඇත.
විශේෂයෙන්ම මැතිවරණ සමයක් වු මේ කාලය තුල දේශපාලකයන්ගේ විවිධ රාජකාරි සහ මැතිවරණ රාජකාරි වල නිරතවිම නිසාම විවිධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ගොඩනැගිමේ අපහසුවද මතුව ඇතැයි සිතමු.
එහෙත් මේ සියළු අභියෝග මැද වුවද එය අලුතින් ම එය නිර්මාණය කළ යුතුව තිබේ.DSC04809