මීගමුව පොලිසියට යන පාරේ පිහිටි මේ අනතුරුදායක වල වැසෙන්නේ කවදාද ???

0
145

 

IMG-20201118-WA0007

( 8.00 am ) මීගමුවේ ප්‍රධාන තැපැල් කාර්‍යාලය පසුකරන විට හැරෙන පාර ඇත්තේ කෙලින්ම මීගමු පොලීසියටය. මෙම පාරේ හරි මැද හරි හතරැස් වලකි. එය පාර වසාගත් විශාල ප්‍රමාණයේ එකකි. යන එන වාහන එය මැදි කරගෙන යා යුතුය. යතුරු පැදි , පාපැදි මෙම වල දෙපැත්තෙන් ගමන් කළ යුතුය. මෙහි විශේෂත්වය වන්නේ මෙය කව්රුන් හෝ විසින් කරවන ලද්දක් මිස ඉබේ හැදුනු එකක් නොවීමයි.

එවැනි වලක් මා දැක ඇත්තේ මේ ස්ථානයේ පමණි.

අනෙක් සියළුම පාරවල් වල ඇත්තේ විවිධ හේතූන් මත ඉබේ හැදුනු වලවල්ය. පුදුමයට කාරණය වන්නේ මීගමු පොලීසියට යන පාර මැද කාලයක් තිස්සේ මෙය මෙලෙස තිබීමයි.
මංමාවත්වල අඩුලුහුඬුකම් සොයා බලන එක් ආයතනයක් වන්නේ මීගමු පොලීසියේ රථවාහන අංශයයි. ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියද ඇත. මේ සියළු ආයතන තිබියදී මෙවැනි වලක් මෙසේ ප්‍රධාන රජයේ ආයතනයක් වන පොලීසියට යන එන පාරේ කව්රුන් හෝ මෙවැනි වලක් නිර්මාණය කිරීම වැරැද්දකි.
මන්ද මේ වල අනතුරු දායක එකක් වන බැවිනි.
මේ නිසා දැන්වත් අදාල බලධාරීන් මැදිහත්වී මෙම වල වසාදැමිය යුතුය. මේ සඳහා මීගමු පොලීසියටද වැඩි වගකීමක් ඇති බවද කිව යුතුය.
සැම්සන් ඥානසිරි