මීගමුව බන්ධනාගාරයේදී ඒඩ්ස් දිනය සැමරෙයි.

0
108

P1120326
දෙසැම්බර් 01 වන දාට යෙදෙන ජාත්‍යන්තර ඒඞ්ස් දිනය  නිමිත්තෙන් එච්.අයි.වී.  පිලිබ`දව දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් මීගමුව බන්ධානාගාරයේදී දෙසැම්බර් 03 වැනි දා පෙරවරුවේදී පැවැතිවිණි. එදින තොරා ගත් බන්ධනාගාර රැදිවියන් පිරිසක් එච්.අයි.වී. / ඒඞ්ස් රෝගය පිලිබදව විශේෂයෙන්ම එහි ආදීනව ගැන ප‍්‍රකාශ වන ආකාරයෙන් දැනුවත් කිරීමේ පාගමනක් පැවැත්වීය. මීගමුව බන්ධනාගාර පරිශ‍්‍රය තුල එය පැවැත්වුණ අතර බන්ධනාගාර රැදවියන් සදහා චිත‍්‍ර නිර්මාණ තරගයක්ද ඊට සමාගාමීව සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහන බන්ධනාගාර සුභසාධක සංගමය අනුග‍්‍රහයෙන් සංවිධානය කර තිබුණි.
මෙහිදී එම චිත‍්‍ර අතරින් හොදම චිත‍්‍ර තොරා ගන්නා ලද්දේ පැමිණ සිටි ආරධිත අමුත්තන් විසිනි.  හොදම චිත‍්‍ර නිර්මාණ ඉදිරිපත් කළ ජයග‍්‍රාහකයන්ට  ත්‍යාග පිරිනැමීමද එම ආරාධීත අමුත්තන් අතින් ම සිදු විය.
අනතුරුව  මීගමුව රෝහලේ වෛද්‍ය දයන්ත සිරිවර්ධන මහතා සහ මීගමුව, බන්ධනාගාරේ වෛද්‍ය ජානකී මහත්මිය එහිදී විශේෂ දේශනයක්ද පැවැත්වුහ.
මීගමුව බන්ධනාගාර අධිකාරී සී.එම්.එන්. චන්ද්‍රසේකර මහතා, ප‍්‍රධාන ජේලර් නිලධාරී එම්. එන්. ආර්. අජිත් මහතා , එමෙන්ම බන්ධනාගාර සුභ සාධන නිලධාරී  ගාමිනී විජේසේකර සහ නිමල්කා ගුණවර්ධන යන අයද මෙම වැඩසටහන ස`දහා සහභාගී වුහ.  එලෙසම මීගමුව සිරකරු සුභසාධක සංගමයේ ලේකම් අතුල් රාජ් , එහි සභාපති සිරිවර්ධන සහ සම්බන්ධීකරාක නිහාල් යන මහත්වරුන්ද මෙම වැඩසටහන ස`දහා සහභාගී  වුහ. P1120327

 

 

 

 

 

 

 

P1120319

P1120315ඡායා – තුෂාර රොහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here