මීගමුව බන්ධනාගාරයේ ගලි වලකින් ජංගම දුරකථන 12 ක් සොයාගැනේ ?

0
92

NGB prisonමීගමුව බන්ධනාගාරයේ ජේලර් නේවාසිකාගාරයේ පිටුපස මළ අපද්‍රව්‍ය ගලියක සඟවා ඉටිකවරයකු බහා තිබී ජංගම දුරකථන 12 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි  මාර්ග සඳහන් කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

පසුගිය කාලය තුළ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙමම බන්ධනාගාරයේ දිගින් දිගටම සිදුකරන ලද වැටලීම් හේතුවෙන් මෙම ගලිය තුළ ඒවා සඟවා තබන්නට ඇති බවට සැක කරන වැඩි දුරටත් එහි සඳහන්ය.

විශේෂ ගනයේ රැඳවියන් දෙදෙනකු රදවා සිටි සිරකුටියකින් ශිතකරණ ඇතුළු සැප බඩු තොගයක් හමුවිමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට මෙම බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇති අතර රහසේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

එම කාලය තුළ ගෙනවිත් මෙම ජංගම දුරකථන තොගය රැඳවියන්ට ලබාදීමට නොහැකිව සඟවා තබන්නට ඇතැයි  විශ්වාස කෙරේ.