මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළට හෙරෝයින් ඇතුළු තහනම් ද්‍රව්‍ය තාප්පයට ඉහළින් විසිකළ පුද්ගලයින් 07දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ, එහිදී අත්අඩංගුවට ගත් රුක්ෂාන් නිලංග නම් තිස් එක් හැවිරිදි සැකකරු මේ සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු බවය.
අත්අඩංගුවට ගත් 07 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටී.
ඉන් එක් තරුණියක් 21 හැවිරිදි චලනි භාග් යානම් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් සැකකාරිය දිලිනි සිතාරා නම් 28 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ ම පදිංචිකාරියක් බව හෙළි වී ඇත.
අද (25) දිනයේ දී ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී හෙරෝයින් ග්‍රෑම් 127 ක්, කේරළ ගංජා කිලෝ 04 ක් හා මත්පෙති 300 ක් සොයාගෙන තිබේ.
සැකකරුවන් අද (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර රුවන්වැල්ල, ඉඹුලාන, රත්තාගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි කම්හලක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානයේ තිබී විදේශීය නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 03 ක්, ෂොට් ගන් වර්ගයේ මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 ක්,
ගල්කටස් 01 ක්, රිවෝල්වර පොයින්ටු-ටු අවි 01ක්, ටී කටර් වර්ගයේ ටී 56 උණ්ඩ යොදන ගිනි අවියක් හා තවත් අවි කිහිපයක් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ගිනි අවි සැකසීමට යොදාගන්නා තවත් උපකරණ කිහිපයක්, ටී 56 උණ්ඩ 10 ක්, එම්.එම්.ජී උණ්ඩ 01 ක් හා බෝර 12 උණ්ඩ 16යක් සොයාගත් බවය.
අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 52 කි
( අද දෙරණ )