මීගමුව බන්ධානාගාරයේ තදබදයක්

0
245

DSC04935

 

මිගමුව බන්ධනාගාරය තුල රදාවාතැබිය හැකි රැදවියන් ප්‍රමාණය ඉක්මවා රැදවියන් රදවා තැබීම නිසා බන්ධානාගාරය තුල දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්ථා වෙයි. මීගමුව බන්ධනාගාරය තුල වාට්ටු 11ක් පමණ ඇති අතර එම වාට්ටු 11ම රැදවියන්ගෙන් පිරීගොස් ඇති අතර ඔවුන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම්ද ප්‍රමාණවත් නැති බව රැදවියන් පවසයි. එසේම රාත්‍රීයේදී නිදා ගැනීම සදහාද ඔවුනට ප්‍රමාවත් ඉඩක් නොමැති බවටද රැදවියන් චෝදනා කරයි.

මීගමුව බන්ධානාගාරය තුල රැදවිය හැක්කේ රැදවියන් 800ක් පමණ වූවත් මේ වන විට රැදවියන් 1800ක් පමණ බන්ධනාගාරය තුල සිටින අතර බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ ගම්මට්ටමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩිවීම නිසා මේ ආකාරයෙන් රැදවියන් ප්‍රමාණය වැඩි වී ඇති බවයි.