මීගමුව බස්නැවතුම්පළේ රථගාලෙනුත් කොමසාරිස් ගසාකන්න පටන් අරන්

0
200

tmp_2690-image-0-02-06-1c84bbc10cf59665d2bc13a671293c1b0a3f9233f7e43fc4f5b9c535e051504a-V703664523tmp_2690-image-0-02-06-fbb9b8ab6c3443fe68182f17374d2440ecd8362667aef3cd3007dca4a5309408-V1910239783tmp_2690-image-0-02-06-c309c7b77bea008972249dda5fc39a784dd104452981942662eb2287f58679be-V1507920773මීගමුව බස්නැවතුම්පළේ ඉදිරි පිට රථගාල් කිරිම සදහා ඇති ස්ථානය තුල පසුගිය වසර ගණනාවක පුරාවටම රථ ගාල් කිරිමේදි කිසිවෙකුත් කිසිදු මුදලක් අයකළේ නැත.
එහෙත් මේ නත්තල් සමය තුලදි දැන් එතින්ද මුදල් අයකිරිමට මීගමුව නාගරික කොමසාරිස්වරයා පියවර ගෙන ඇතැයි වාර්තා වේ .
මීට සුළු මොහොතකට පෙර මිපුර ඇමතු මීගමුවේ බදු ගෙවන අයෙකු කියා සිටියේ ඔහුගේ යතුරු පැදිය නවතා බස්කාල සටහන බැලිමට බස්නැවතුම්පොළට යන්නට සුදානම් වෙද්දි එහි සිටින කොමසාරිස්ගේ ටිකට් කඩන්නා පැමිණි ටිකට් එකක් දෙන්නට ගිය බවයි.
ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත් විශේෂයෙන්ම නත්තල් සමය තුල නගර සභාවක් එහි එන දහස් ගණන් ජනයාගේ රථගාල් කිරිම සදහා පහසුකම් සලසනු වෙනුවට මේසේ  අළුත් ගසා කෑම් ආරම්භ කිරිම පිළිකුල් සහගත බවය.මෙයින් සිදුවන්නේ බස් නැවතුම් පළ වෙනුවෙන් වෙන්කෙරුණ රථ ගාල ඉදිරියේදි චණ්ඩි ටෙන්ඩර් කාරයෙකුට සල්ලි හම්බ කරගැනිමට පසුබිම සකස්කර දිමක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම සිය පෙම්වතියව බස්රථයකට නංවා ලිම සදහා ගිය තරුණයෙකුගෙන්ද ටිකට් කඩා  ඇතැයි එකි තරුණයා  මීපුර අමතා කියා සිටියේය.
tmp_2690-image-0-02-06-53ca9523ae43d730cc62a132152220a10c9f8f397596ba35bf8218af7fbf4317-V1160253169