මීගමුව බස් නැවතුමේ කප්පම් ගනිද්දි , නගරාධිපති පිරිත් කියයි..

0
166

Screenshot from 2020-10-03 21-18-05පුංචි රෝමය දැන් ගිනි ගනිමින් තිබේ. කුඩු , කප්පම්, අල්ලස්, කොල්ලකෑම් , මහජන මුදල් කාබාසිනියා කිරිම් ඇතුළු විනාශයන් රැසක් දැන් සිදුවෙමින් තිබේ.
සැබැවින්ම දැන් එය පුංචි චිකාගෝවක් වැනිය.
කලු සල්ලි දේශපාලනයට යටවු නගරයක යථාර්ථය මිට වඩා වෙනස් එකක් විමට කිසිසේත්ම ඉඩක් නැත.
මේ කලු සල්ලිකාරයන් ආසිරිගන්වන කපටි පුජකයන් මෙන්ම බණ ,පිරිත් කියන සැමද සැබැවින්ම ලැජ්ජා විය යුතුය.
මේ පසුබිම යටතේ අද දෙරණ අපුරු හෙළිදරව්වක් කර තිබුණි.
එනම් මිගමුව මහනගර සභාවේ  පාලනය යටතේ  ඇති මිගමුව බස් නැවැත්මේ කප්පම් ගැනිමේ සිදුවිමක්ය.
එක බස් රථයක් එක් ගමන් වාරයක් සදහා රු 300 ක මුදලක් ගෙවිය යුතු බවත් මේ එක් බස් රථයක් ගමන් වාර  5 ක් පමණ ක්‍රියාත්මක කරන බවත් දෙරණ උකුස්සා පුවත මගින් අද හෙළිකර තිබුණි.
මේ කප්පම් සිද්දියට සම්බන්ධ යැයි කියන එක්තරා පොහොට්ටු මන්ත්‍රිවරයෙකු ගැන පොහොට්ටුවේම අය විසින් කරුණු හෙළිකරන්නට පටන් ගෙන තිබේ.
ඔහු දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ අයෙකු බවද කියැවේ.නමින් නන්දනද වෙයි
අදාල මන්ත්‍රිවරයා රාජ්‍ය ඇමති නිමල් ලංසාගේද සමිපතයෙකු බවද කියැවේ.
ලංසා පවුලේද ආශිර්වාදයෙන් මෙසේ මිගමුව බස් නැවතුමේ කප්පම් සෙල්ලම ක්‍රියාත්මක වෙද්දි අද මිගමුව නගරාධිපතිවරයා හෙටට යෙදෙන සිය උපන් දිනය වෙනුවෙන් මහජන මුදලින් අද රාත්‍රියේ  මහනගර සභා ශාලාවේදි පිරිත් කියමින් සිටි.
දෙවියො නැති නැත මෝඩයෝ පිණුම් ගසනවා යැයි කියමනක් තිබේ.
අද මිගමුවේ සිදුවෙමින් තිබෙන්නේද ඉතා පැහැදිලිවම එයයි