මීගමුව බාල්දිකොටුවේ මගඩි ගැන මන්ත්‍රි රොසයිරෝ අද බාල්දියක් පෙරළයි ??

0
92

dr'henry 2මීගමුව මහනගර සභාවට අයත් වැල්ලවිදියේ ලුවිස් පෙදෙසේ ක්‍රිඩාංගනය හෙවත් බාල්දි කොටුව යනු පසුගිය කාලය තුල බොහොමයක් මගඩි සදහා මුල්වු තැනක් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
ඒ වසරට අවස්ථා කිපයකදිම බොරළු බෑම සම්බන්ධයෙන් කප් ගසමිනි.
එපමණක් නොව පසුගිය වසර 10 ක් පමණ පුරාවට මේ ක්‍රිඩාපිටිය මුලුමනින්ම පාලනය කෙරුනේ ඇමති නිමල් ලංසාගේ පවුලේ උමනාවන් වෙනුවෙනි.
එබැවින් එජාප නාගරික මන්ත්‍රිවරයා අද පැවැත්විමට නියමිත මහසභා රැස්විමේදි මේ සියළු මගඩි හෙලිදරව් කිරිම අරමුණුකොට ගෙන  ප්‍රශ්ණ 11 ක් යොමුකොට තිබේ.
මෙයින් ඔහු ප්‍රශ්ණ කර ඇත්තේ ක්‍රිඩාපිටියට අයත් භුමියේ ඇති අනවසර නිවාස ගැනය එමෙන්ම 1994 සිට මේ පිට්ටනිය සදහා බොරළු දමා ඇති ප්‍රමාණයන් සහ ඒවා විගණනයන්ට යටත්ව ඇතිවාදැයි යන්න පිළිබදවයි.
මේ අකාරයෙන්  විපක්ෂයේ සිටින අනෙකුත් නගාරික මන්ත්‍රිවරුන්ද මීගමුවේ සිදුවන මේ පවුල් පාලනයේ මගඩි ගැන මතු කරන්නේ නම් එකි දුෂණයන් යම් පමණකට හෝ පාලනය කරගැනිමට ඉන් ඉඩක් ලැබෙනු ඇත.
එහෙත් අවසනාවකට එජාපයේ නාගරික මන්ත්‍රිවරුන් අති බහුතරයක් දෙනා උනන්දුවන්නේ තමන්ට ලැබෙන වැඩියෙන් වරප්‍රසාද ලැබෙන්නට නියමිත දෑ ගැන පමණි.