කුඩා බිම් කඩක පිහිටි බොස්කෝපුර නිවාස සංකිර්ණය පිහිටි නිවාස ගණන 194 කි.
එහි ජිවත්වන පුද්ගලයන් 800 ඉක්මවා තිබේ.
පසුගිය දිනවල කරන්නට යෙදුන PCR පරික්ෂණ හේතුවෙන් දැනටමත් කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු හදුනාගෙන තිබේ.
මේ පසුබිම තුල අද දිනයේද එහි වාසය කරන පුද්ගලයන් 220 කට PCR පරික්ෂණ සිදුකර ඇතැයි මිගමුව සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති