මීගමුව බෝපිටිය හංදියේ කාන්තාවක් වැටී සිටි….

0
84

බෝපිටිය 2බෝපිටිය(11.55am ) මේ සටහන ලියන මොහොතේ බෝපිටිය හන්දියේ කාන්තාවක් වැටී සිටියි. පොලිසිය සහ අදාළ අංශ දැන් එම ස්ථානයට පැමිණ ඇත. මේ කාන්තාවට ඇති රෝගය කුමක්දැයි අපි නොදනිමු.
කොරෝනා නිසා පාරේ වැටිලා මියගිය මිනිසුන් පිළිබඳව අපිට වෙනත් රටවල් වලින් පසුගිය කාලයේ වාර්තා වුණි.
අපේ රටේ වුවද එය සිදුවිය හැක. එසේ නොවන්නට නම් මේ වනවිට රජය ගෙන යන COVID-19 වැළැක්වීමේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය.
මේ රජයට ජනතාව ගැන විස්වාසයක් නැතිවා සේය.
ඊයේ මීගමුව සෙත්තප්පාඩුව, මෝලවත්ත ගමෙන් COVID-19 ආසාදිතය කාන්තාවක් ගැන තොරතුරු වාර්තා වීමක් සමග ඒ කාන්තාව පිළිබඳව කටයුතු කළ ආකාරයට ජනතාව වටහා ගත්තේ කොරෝනා පාලනය රජයෙන් ගිලිහී ඇති බවක්ය.
එහෙත්, අපිට මෙය පාලනය කළ හැකිය.
එය කළ හැකි වන්නේ රජය ජනතාව කෙරෙහි විස්වාසය තබා ජනතා සංවිධාන සමග කටයුතු කිරීමට සූදානම් වන්නේ නම් පමණි.
එබැවින්, රජය මේ රටේ සියලු කොටස් එකතු කර ගැනීමට නිහතමානී විය යුතුය.
මෙය හමුදාවකට පාලනය කළ හැකි ආයුධ සන්නද්ධ යුද්ධයක් නොවේ..
මෙය ජනතාව අතර මිනිසුන්ගෙන් පැතිරෙන වසංගතයක්!

(අරුණ ශාන්ත නෝනිස්ගේ  ⁣ෆේස් බුක් පිටුවෙනි)