මීගමුව , බෞද්ධ මන්දිරයේ මහා ගී රයිස් දන්සැල 

0
9

 

පොසොන් පොහොය නිමිති කරගෙන ,මීගමුව බෞද්ධ මන්දිරයේ සදාචාරවර්ධන සමිතිය විසින් දෙවන වතාවටත් සාර්ථකව සංවිධානය කළ මහා ගී රයිස් දන්සැල අද දින (21/06/2024) රාත්‍රී 7.30 ට පමණ ආරම්භ විය.
මෙහි ආරම්භක අවස්ථාවේ පහන් දැල්වීම සඳහා මීගමුව සදාචාරවර්ධන සමිතියේ සභාපති වින්ග් කමාණ්ඩර් කුමුදු රත්නදිවාකර මහතා සහ එහි ලේකම් උපාලි මධුරප්පෙරුම මහතා ඇතුළු එම සමිතියේ නිලධාරී මහත්ම මහත්මාවීන් පිරිසක්ද සහභාගි වූහ. එමෙන්ම මීගමුව නගරයේ සහ ඊට තදාසන්න ප්‍රදේශවලින් විශාල ජනකායක් මෙම ගී රයිස් දන්සල සඳහා සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.
එලෙසම අද දිනට යෙදෙනු පොසොන් පොහොයට සමගාමීව මීගමුව, බෞද්ධ මන්දිර පරිශ්‍රයේදී මීගමුව සදාචාරවර්ධන සමිතිය මඟින් බෞද්ධාගමික වැඩසටහන් කිහිපයක් ද පැවැත්වනු ලැබීය.