මීගමුව මහනගර සභාවට හොරෙන් ඇමති ලංසා කාමච්චෝඩේ පොළ හැදුවේ ඇයි?

0
58

kamachchode polaමීගමුව කාමච්චෝඩේ පොළ සංකිර්ණය අද මීගමුවේ දේශපාලනයේ අර්බුදයේ හරි මැද ලකුණු කරනු ලබන සිදුවිමක් බවට පත්ව තිබේ.
ඒ ඇමති ලංසාගේ හිතුවක්කාර වැඩ නිසා මුළු නිති පද්ධතියම අර්බුදයට යවා ඇති හෙයිනි.
පොලක් පාලනය විය යුත්තේ නගර සභාවක් යටතේය. එසේ නම් ඒය සකස් විය යුත්තේ පාළාත් පාලන නිතිය සුරැකෙන පරිද්දෙන්ය.
එහෙත් කාමච්චොඩේ පොළ ඉදිකරනු ලැබුවේ පළාත් මාර්ග සංවර්ධ අධිකාරියේ අධික්ෂණය යටතේ එහි කොන්ත්‍රාත්කරුවෙකු විසිනි.
දැන් එහි සියල්ල අවුල්ය.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනක පැමිණි නිළධාරින්ගේ අවධානයට මෙහි ඇති අඩුපාඩු කම් පෙන්වා දි තිබුනේ ඇමති සරත් ගුණරත්න සහ නගරාධිපති ඇන්ටනි ජයවිර විසිනි.
පොළ සංකිර්ණයට කානු පද්ධතියක් නැත.අලංකරනය සදහා යැයි කියන ගඩොල් බිම අතුරා ඇත්තේ කිසිදු ප්‍රමිතියකින් තොරවය.
එමෙන්ම සුළු වැස්සකින් පවා පොළ සංකිර්ණයේ සිටින සියළු දෙනා තෙත බරිත විය හැක්කේ එහි කිසිදු ආවරණ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකසා නොතිබුණ නිසාය.
මේ කරුණ පිළිබදව කිසිදු විමර්ශනයකට මීගමුව නගර සභාවට කිසිදු ඉඩක් ඇමති ලංසා හෝ ඔහුගේ නිළධාරින් විසින් ලබා දි නැත.
මෙය එහෙම පිටින්ම මහනගර සභාවේ අධික්ෂණයෙන් තොරව ක්‍රියාත්මක වු ඇමති ලංසාගේ පමණක් වු ව්‍යාපෘතියකි.
දැන් පොළ සංකිර්ණය ඉක්මනින් වෙළෙදුන් අතට පත්කොට ක්‍රියාත්මක කරවිම දින නියමයකින් තොරව කල්ගොස් තිබේ.
අදාල වෘත්තිය පරිචයකින් තොර කොන්ත්‍රාක්කරුවන් හුදු කොමිස් මුදලේ බලය වෙනුවෙන් යෙදවිම නිසා අද මීගමුව නගරයේ තවත් ව්‍යපෘති රැසක් අර්බුදයට ගොස් තිබේ.
මීගමුව බස් නැවතුම් පළේ උඩු මහලේ ටයිල් ගැලවෙන්නට පටන් ගෙන ඇත්තේ මේ වැරදි නිසාය.
මීගමුව මහරෝහලේ ඇතැම් ගොඩනැගිලි ඉරිතලා යාමේ තර්ජනයකට ලක්ව ඇත්තේද කිසිදු වෘත්තියභාවයකින් තොරව ඇමති ලංසාගේ කොන්ත්‍රාත්කරුවෙක් කර ඇති බරපතල වැරැද්දක් නිසාවෙනි.