මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රින්ට දායන් ලංසාගෙන් විශේෂ සැලකිලි ?

0
37

BKK night lifeමීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සදහා නාගරික මන්ත්‍රි දායන් ලංසා විසින් විශේෂ සැලකිලි දක්වන්නට පටන් ගෙන ඇතැයි වාර්ථා වේ.
බැංකොක් සවාරියක් යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් 3 කට ඔවුන් ගේ අතේ වියදම් සදහාද මුදල් යහමින් ලබාදි ඇතැයි සැලය.
බුදුදහමට මහත් ලැදි කමක් දක්වනවා යැයි මහසභා රැස්විම් වලදි නිතර පෙන්වන  පසුගිය කාලය තුල දරුවන්ට දුන් පොත් කඩවල් වලට විකිණා තිබිම සම්බන්ධයෙන් මහත්වු අප්‍රසාදයකට ලක්ව සිටින දයාල් නිලංග මන්ත්‍රිවරයාද මේ බැංකොක් සංචාරයට එක්ව සිටි.
බංකොක් සංචාරය සදහා අනුග්‍රහය නගරයේ නත්තල් විදුලි සැරසිලි ටෙන්ඩරය ලැබු තැනැත්තාගෙන් බවට ප්‍රබල රාවයක් මේ වන විට නගර සභාව තුල පැතිර යමින් තිබේ.
මේ ගමනට සභාගිවන අනෙක් මන්ත්‍රිවරයා වන්නේ සිය පියාගේ උවමනාව නිසා මන්ත්‍රිවරයෙකු වන්නට සිදුවු ලාබල පාපන්දු ක්‍රිඩකයෙකි.
අනෙකා වන්නේ තලාහේන පේරුව නියෝජනය කරන ජේෂ්ඨයෙකි.