මීගමුව මහනගර සභාවේ උසස් නිළධාරියෙකුගේ ඉඩමට පස් ඇද්ද හැටි හෙළිවේ !

0
166

bribery(8.30 am ) මීගමුව නගර සභාවේ උසස් නිළධාරියෙකුගේ  දිවුලපිටියේ පිහිටි ඉඩමකට නගර සභාවේ වාහන වලින් පස් ඇදිම පිළිබදව සිදුවිමක්  අප මිට කලින්ද හෙළිදරව් කර ඇත්තෙමු.
එහෙත් ඔහු දිගටම මේ නිතිවිරෝධි ක්‍රියාවල නිරතවිය.
පසුගිය පෙබරවාරි 03 වනදා නගර සභාවට අයත් LO7040 යන රථය යොදාගනිමින් රාජ්‍ය සම්පත් ඉතා පැහැදිලි ලෙස අවභාවිතා කර ඇති අන්දම ගැන යළිත් වාර්ථා වේ.
ඔහු නගර සභාවේ කඩා ඉවත්කරගන්නා ගොඩනැගිලි ද්‍රව්‍ය මෙසේ නිතිවිරෝධි ලෙසින් නගර සභා වාහන වලින්ම සිය පුද්ගලික අවැසිතා පිරිමසා ගැනිමට යොදවා ගෙන ඇත.