මීගමුව මහනගර සභාවේ නිළධාරින්ට අධිභාරයක් ගෙවන්නට සිදුවන ලකුණු ?

0
67

දායල්-නිලංග-(6.00 pm ) මීගමුව මහනගර සභාව විසින් දැනට ව්‍යපෘති කම්කරුවන් 167 දෙනෙකු බදවා ගැනිමට කටයුතු කර තිබිම හේතුකොට ගෙන මාසිකවය අමතරව  රුපියල් ලක්ෂ 37ක මුදලක් මාසිකව දරන්නට දැන් සිදුව තිබේ.මේ අනුව වසරකට රුපියල් ලක්ෂ 444 ක් දරන්නට සිදුව තිබේ.
මෙයට දැනට නගර සභාවට ඇත්තටම මුල්‍ය බරකි.
මේ බොහොමයක් රැකියා ඇත්ත වශයෙන්ම දේශපාලන ආධාරකරුවන් හට දොලපිදේනි දිම වෙනුවෙන් සපයා ඇති අන්දම අතිශය පැහැදිලිය.
පසුගිය නිමල් ලංසාගේ පාලන සමය තුල දි මේ ආකාරයෙන් විශාල සේවකයන් පිරිසක් බදවාගෙන තිබුණ අතර ඒ අයගෙන් බහුතරයක් නගර සභාවේ අත්සන් තබා ත්‍රිරෝ එලවිම වැනි අමතර රැකියාවල නිරත විම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි.
මේසා  විශාල සේවකයන් සංඛ්‍යාවක් සිටියදිම තවත් පිරිසක් බදවාගෙන අමතර මුල්‍ය වැයක් දරන්නට විම නිසා වත්මන් යහපාලන රජය විසින් මෑතකදි සම්මත වු විගණන පණත ඇතුළු වෙනත් පණත්ද හේතුකොටගෙන ඉදිරියේදි මිගමුව නගර සභාවේ ඇතැම් නිලධාරින් හට  රජය වෙනුවෙන් අධිභාරයක් ගෙවිමට සිදුවේදෝයි යන අනියත බියකින් ඇතැමුන් පෙළෙන බවද සැලය.