මෙම ලාංඡනයේ ඉහළින්ම දැක්වේන්නේ සාමය, සමගිය, එකමුතුව යන්නයි. මෙය යොදා ඇත්තේ මීගමුව නගරය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු විවිධ ජාතීන් මෙන්ම, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් වැනි විවිධ ආගම්වලට අයත් ජන කොටස් ද සමගියෙන් ජීවත්වන බැව් ඒත්තු ගැන්වීම සඳහාය. මුල් කාලයේ මෙය Unity,Peace and concord ලෙස ඉංග්‍රීසියෙන් තිබී ඇත.
ඉන් අනතුරුව ලාංඡනයේ උඩකොටසේ නැගී එන හිරු දැක්වේ. මෙයින් විදේශ ආධිපත්‍යයෙන් මිදෙමින් පැවති අවධියක නගරසභා ක්‍රමය ඇතිකිරීමෙන් ස්වයංපාලන අයිතිය කෙමෙන් ජනතාවට ලැබීමෙන් ඉදිරියෙහි ඇති නිදහසේ අරුණාලෝකය සංකේතවත් කරයි.
මින් පසුව දැක්වෙන චිත්‍ර පහෙන් මීගමුව හා සම්බන්ධ ඓතිහාසික, ආර්ථීක හා සාමාජීය වැදගත් කරුණු සම්පිණ්ඩනය කොට දැක්වේ. මෙහි වම්පස උඩ කෙළවරේ දැක්වෙන චිත්‍රයෙන්මීගමුවේ ප්‍රකට ලන්දේසි බලකොටුව හා හෝරාස්ථම්භය දැක්වේ. මෙය ශ්‍රිලංකාවේ මුහුදු බඩ පෙදෙස් විදේශ ආධිපත්‍යයට හසුව තිබූ අවධියේ ඉතා වැදගත් හා ප්‍රසිද්ධ බලකොටුවක්ව පැවතුණි. ගලින් බැඳ උස් වූ ප්‍රකාරයකින් වටවී තිඛෙන මෙම බලකොටුව පෘතුග්‍රීසීන් විසින් ඉදිකරන ලද අතර ලන්දේසීන් විසින් පෘතුග්‍රීසීන්ගෙන් බලය පැහැරගැනීමෙන් පසුව ප්‍රාකාර, අට්ටාල ආදිය තනා වඩාත් ශක්ති සම්පන්න කරවූවකි. මෙම ඓතිහාසික බලකොටුව අද දක්වාම මීගමු පුරවරයෙහි දක්නට ලැඛෙන අතර මේ හේතුවෙන් මීගමුව ලොව බොහෝ ප්‍රකට විය.
මෙම ලාංඡනයේ වම්පස දෙවන රූපයෙන් මීමැස්සෙකු දැක්වෙයි. මෙම නගරයට මීගමුව යන නාමය ව්‍යවහාරයට පමිණි ආකාරය හා සම්බන්ධ ඓතිහාසික පුරාවෘත්තයක් මෙම චිත්‍රයෙන් සංකේතවත් කෙරේ. එනම් ථූපවංශයේද, ජනශ්‍රැතියේද, රාජාවලියේද සඳහන් වන විහාරමහාදේවියගේ දොලඳුක සංසිඳවීමට ගෙන ආ මීවද පිළිබඳ කතාවයි.
දකුණුපස උඩ කෙළවරෙහි දැක්වෙන්නේ මසුන් මරන්නන් සහිත වෙරළාසන්නයෙහි වූ ඔරුවක චිත්‍රයකි. මෙය ගැඹුරු මුහුදේ නොව වෙරළාසන්න මුහුදේ මසුන් මැරීමට උපයෝගී කරගත් මීගමුවට ආවේණික සාම්ප්‍රදායික ධිවර කර්මාන්තයට අදාළ රුවල් යොදා යාත්‍රා කරවූ විශේෂ ධිවර ඔරු වර්ගයකි. මෙම චිත්‍රයෙන් මීගමුවේ ප්‍රධාන කර්මාන්තය හා එහි නිවැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ධිවර කර්මාන්තය සංකේතවත් කෙරේ. [[ගොනුව:මීගමුව.jpg|200px|left]
දකුණු පස දෙවන චිත්‍රයෙන් දැක්වෙන්නේ .කකුළුවෙකි. මීගමු කලපුව කකුළුවන් හා ඉස්සන් සදහා ඉතා ප්‍රකටය. විදේශ සංචාරකයින් අතර මෙම දෙවර්ගය ඉතා ජනප්‍රිය බැවින් ලොව පුරා මීගමු ඉස්සන් හා කකුළුවන් ප්‍රසිද්ධ වී ඇත. මෙම ලාංඡනයේ පහතින්ම දැක්වේන්නේ .කුරුඳු අත්තක් සහිත චිත්‍රයකි. ලොව භාණ්ඩ හුවමාරු විනිමය ක්‍රමයක් පැවති යුගයේ සිටම ඉතා රසවත් කුරුඳු විදේශිකයින් ලබාගන්නා ලද්දේ මීගමුවෙන් බව ඓතිහාසික පොතපතේ, වාර්තාවන්හි මෙන්ම ජනප්‍රවාදයේද එයි. ඒ බැව් ලන්දේසි ජාතික ෆන්රී ආණ්ඩුකාරවරයා ලියූ ලියවිල්ලකින්ද මැට්සූකර් නම් පුද්ගලයා දක්වන තොරතුරු වලින්ද නොර්ත් ආණ්ඩුකාරවරයා කුරුදු වැවීමට මරදාන හා මීගමුවේ කදිරාන නම් ප්‍රදේශය තෝරාගැනීමෙන් ද තවදුරටත් සනාථ වේ. එසේම මෙම ප්‍රදේශයේ කර්මාන්තයක් ලෙස කුරුඳු වගාව අතීතයේ සිටම කෙරී ඇත.
මුලාශ්‍රය – විකිපිඩියා