මීගමුව මහනගර සභාවේ පගාකරුවන් අතරේ අර්බුදයක් ?

0
94

briberyමීගමුව මහනගර සභාවේ නමගිය පගාකරුවන් අතර බරපතල අර්බුදයක් මේ දිනවල හට ගෙන ඇතැයි වාර්ථා වේ.
මෙයට හේතුව වි ඇත්තේ මේ ගණු දෙනුවනු වලදි එකිනෙකා අතර හුවමාරු විය මුදල් පිලිබදව ප්‍රශ්ණයකි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් කඩ හදා ලක්ෂ ගණන් මුදල් ඉපයු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් පසුගිය දිනවල තවත් මගඩියක නියැලුණි. ඒ දෙපා ඇල හරා සංවර්ධනය කිරිමේ වැඩසහනකි. එහි එක් කොටසක්  හාරා අදාල මුදල් ගැනිමෙන් පසු යළිත් වරක් ඒ හැරිමම පෙන්වා මුදල් ගැනිමට ගත් උත්සහය බාධා එල්ල කර ඇත්තේ මීගමුව මහගර සභාවේ පරිපාලන නිළධාරින් අතර දුෂිතම නිළධාරියා වු ප්‍රධාන ඉජිනේරුවරයාය.ඔහු හා සහය පැමිණ ඇත්තේ ඇමති නිමල් ලංසාගේ කිට්ටු වන්තයෙකු තාක්ෂණ නිළධාරියෙකි. මේ අය එක්ව  දෙපාඇලෙන් තනියෙන් ගසා කන්නට ගිය මන්ත්‍රිවරයා පිළිබදව සිය හාම්පුතා වු ඇමති නිමල් ලංසා වෙත කේලම් කියා ඇත.
තම දියණියගේ විවාහ මංගල්‍යය සදහා ආධාර උපකාර බලාපොරොත්තුවෙන් ඇමති නිමල් ලංසා හමුවිමට ගිය දෙපා ඇලේ ගසා කෑමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ මන්ත්‍රිවරයාට ඇමැතිවරයා හොද හැටි බැන වැදි ඇතැයි සැලය.
මීගමුව නගර සභාව ”හොරු සමඟ හෙළුවෙන්” පිළිබද එක් කථාංගයක් පමණි. තවත් කථාංග ඉක්මනින් බලාපොරොත්තු වන්න.