”මීගමුව මහනගර සභාවේ පුස්තකාල ටෙන්ඩරය මගඩියක් නම් මම ඉල්ලා අස්වෙනවා” -නගරාධිපති කියයි ?

0
69

මේ දිනවල මීගමුව මහනගර සභා දේශපාලනය තුල වැඩියෙන්ම කතාබහට ලක්ව ඇත්තේ රු ලක්ෂ 1600 ක් වැයකරමින් ඉදි කරන්නට නියමිත නව පුස්තකාල සංකිර්ණය ගැනය.
මෙය එක්තරා අන්දමට නගරාධිපති ඇන්ටනි ජයවීරගේ සිහිනයක්ද බවට පත්ව ඇත්තේ තමන්ගේ සිව් අවුරුදු ධුර කාලය තුලදි මීගමුවට දැනෙන දෙයක් සිදුකර සිය නිලයෙන් සමුගැනිමට ඔහු සිතා සිටින බැවිනි.
දශඛ තුනකටත් වැඩි ඇන්ටනි ජයවීරගේ දේශපාලන ඉතිහාසය තුල මේක තමයි දැවැන්තම වැඩේ .
එය ඇත්තටම එවන් නිළයක් දරන්නෙකු හට ඇත්තටම සතුටු වියහැක්කකි.
මේනිසාම මෙම ව්‍යාපෘතියට එරෙහිව මීගමුවේ දේශපාලන කල්ලියක බලපෑම මත මහසභාවට පැමිණ යෝජනාවට එරෙහිව එය හෙළිදරව් කරමින් අප පෙනි සිටියේ මෙම පුස්තකාලය ඉදිකිරිම ආරක්ෂා කිරිමේ පදනම යටතේය.
ජයසිංහ නම් මන්ත්‍රිවරයා විසින් එවකට මෙම පුස්තකාලයට එරෙහිව ගෙන ආ යෝජනාව මෙම ව්‍යපෘතිය අස්සේ කිසියම් කප්පම් ඩීල් එකක් හා බැදුන යෝජනාවක් මිස ඇත්තටම මීගමුව ජනතාවට ඇති ආදරය නිසා ගෙන ආවක් නොවක් බව අපට පසුව පැහැදිලි විය.
පුස්තකාලය ඉදිකිරිම සිය මළණුවන් නගරාධිපතිවිමෙන් පසුව පමණක් සිදුවිය යුත්තක් සේ සිතා සිටි ලංසා පවුල ජයසිංහගේ මේ යෝජනවා පිටුපස සිටින්නේ යැයි දැනගන්නට ලැබෙන්නේ පසුවය.
කෙසේ වෙතත් දැන් ජයවීර පාර්ශවය හා ලංසා පාර්ශවය අතර කිසියම් අවබෝධතා ගිවිසුමකට පැමිණ ඇති බව දැන් වැඩකටයුතු සිදුවන ආකාරය අනුව අනුමාන කළ හැකිව තිබේ.
කෙසේ වෙතත් මෙම පුස්තකාලය ඉදිකිරිම සදහා ක්‍රියාත්මක වු ටෙන්ඩර පටිපාටිය ගැන මතුව ඇති ගැටලු රැසක් පිළිබදව විස්තරාත්මක තොරතුරු ඇතුලත් මහජන පෙත්සමක් පළාත් පාලන බළධාරින් වෙත මේ වන විට ලැබි ඇතැයි වාර්ථා වේ.
එහිදි ප්‍රශ්ණ කර සිටින්නේ අදාල ටෙන්ඩරයේ මිළගණන් වලට අනුකුල වන සුදුසුකම් දක්වා ඇති ශ්‍රෙණියේ ( C3 ) සමාගමක් විසින් ටෙන්ඩරය ලබාගෙන එවන් විශාල ඉදිකිරිම්ක් කිරිමට නිළ සුදුසුකම් නැති (C4) වර්ගයේ සමාගමකට දිමට ඇති සුදානමක් ගැන මෙහිදි ප්‍රශ්ණ කොට තිබේ.
මීගමුව බස්නැවතුම ඉදිකිරිමේදිද සිදුව තිබුනේ මෙයයි.එකි ඉදිකිරිම සදහා සුදුසුම් සම්පුර්ණ කර තිබුණ ස්කොවැමැක් නම් ආයතනය විසින් එය ලබාගෙන මීගමුවේ එ් සා විශාල ඉදිකිරිම් සදහා කිසිදු සුදුසුකමක් නැති බර්නාර්ඩ් නම් වු කොන්ත්‍රාත්කරුවෙකු හට භාර දි තිබුණි.
බර්නාර්ඩ් වඩා නම් ( C4 ) වර්ගයේ සමාගම හොද වන්නට පුළුවන.
කෙසේ වෙතත් මේ මහජන පෙත්සමෙන් මතුකර ඇති කරුණු කිසිසේතම බැහැර කළ හැකි ඒවා නොවේ .
මේ සමබන්ධයෙන් අප කළ විමසුමකට පිලිතුරු දුන් නගරාධිපති ඇන්ටනි ජයවීර කියා සිටියේ මෙම ටෙන්ඩරය ඉතාමත් නීත්‍යාණුකූල ලෙස තෝරාගෙන ඇති බවත් එහි කිසියම් හෝ නීතිවිරෝධි බවක් ඇත්තේ යැයි ඔප්පු කරනු ලබන්නේ නම් තමන් නගරාධිපතිධුරයෙන් ඉල්ලා අස්විමට පවා සුදානම් බවයි.

 

20160526_125408