විශාල මුදලක් වැය වන මේ සවාරියට මුදල් කොහෙන්දැයි තවමත් පැහැදිලි නැත.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා ජුනි මාසයේදි මේ ගමන යොදාගෙන ඇති බව සැලය.
මේ අතර මිගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා විසින් කටුවාපිටිය බෝම්බයෙන් විපතට පත්වු ජනයා වෙනුවෙන් යැයි කියා පුළුල් ප්රචාරයක් දෙමින් ආධාර එකතු කිරිමකද නිරතව තිබුණි.
කෙසේ වෙතත් මේ එකතුවු මුළු ආධාර ප්රමාණයන් පිළිබදව හෝ ඒවා වැය කළ ආකාරයන් පිළිබදව පුළුල් දැනුවත් භාවයක් එයට ආධාර කළ අයවලුන්ට පවා නොමැති බවටද වාර්ථාවේ.්
රටම ගිනිගෙන දැවෙන මොහොතක මිගමුව පවා දැවැන්ත අර්බුයක ගිලි පවතින මොහොතක ජනතා නියෝජිතයන්ට අඩුවක් වි පවතින්නේ රට සවාරියක් යාමදැයි නම සදහන් කිරිමට අකැමති වු මීගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු මිපුරට පවසා සිටියේය.