මීගමුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු විසින් නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් දිනපතා තිදෙනෙකු බැගින් සිය මිදුල අතුගෑමටත් නිවසේ බිම මොබ් කිරිමටත් යොදවා ගනු ලබන බවත් අවශ්‍ය බඩු ගෙන ඒමට කඩේ පවා යවන බවත් වාර්ථා වේ.මෙසේ පවරන වැඩ කරන්නට අකමැති යැයි කියු කම්කරුවෙක් ඔහු වසර 27 ක් තිස්සෙ ගලියේ කරන සේවා කටයුතු වලින් ඉවත් කර පෙරියමුල්ල සුසාන භූමියේ මිනිවලවල් කැපිම සදහා යොදවා ඇතැයි ඒ අසාධාරණයට ලක්වු කම්කරුවා මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.අදාල කම්කරුවා සිය දුක්ගැනවිල්ල නගර සභාවේ සියළුම බලධාරින් වෙත ඉදිරිපත් කර තිබුනද තවමත් කිසිදු වෙනසක් සිදුව නැතියි මීපුර අමතා අද පවසා සිටියේය.තමන්ව භාර සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට සිය දුක්ගැනවිල්ල පවසා සිටි අවස්ථාවේ අදාල මන්ත්‍රිවරයාට පවසා සහනක් ලබාගත යුතු යැයි පවසන බවද කම්කරුවෝ කියති.