මීගමුව මහනගර සභාවේ රාජකාරිය සදහා දුන් යතුරුපැදියක් උගස් තියලා ?

0
121

024609_bajaj-platina-125-dts-siමීගමුව මහනගර සභවේ ක්ෂේත්‍ර  කටයුතු සදහා ලබාදි ඇති යතුරුපැදි පිළිබදව ගැටලු රැසක් දැන් උද්ගතව ඇතැයි අප මීපුර වෙබ් අඩවිය තුලින් මීට පෙරද හෙළිදරව් කර සිටියෙමු.
මේ හෙළිදරව් කිරිම් වලට අනුව අප විසින් කියා සිටියේ මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකු වු බණ්ඩාර නැමැත්තා වෙත  රාජාකාරිමය කටයුතු සදහා ලබාදුන් යතුරු පැදියක් කලකින් දකින්නට නොලැබුන බවය.
දැන් අපට වාර්ථා වන්නේ වඩාත් භායනක තත්වයකි.
එනම් බණ්ඩාර නැමැත්තාට ලබාදි තිබුණ යතුරු පැදිය දැන් නගර සාභාවේ තවත් සේවකයෙකු විසින් දෙහිමල්වත්ත ප්‍රදේශයේ අයෙකු වෙත උගස් තබා ඇති බවය.
මේ පිළිබදව විමසිම සදහා අප මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා දුරකථනයෙන් සම්බන්ධකරගැනිමට අවස්ථා කීපයකදිම උත්සාහ කළද එය අසාර්ථක විය.