මීගමුව මහනගර සභාව දැවැන්ත මුල්‍ය අර්බුදයක දමා නගරාධිපති තවත් පිම්මකට සැරසෙයි ?????

0
173

NGB MCමීගමුව මහනගර සභාව දැන් මුහුණ දි ඇත්තේ දැවැන්ත මුල්‍ය අර්බුදයකටය. ඒ පසුගිය මිගමුවේ බදුගෙවන ජනයාගේ ඕනැ එපාකම් වෙනුවෙන් මුදල් වැය කිරිම නිසා නොව පවුලක දේශපාලන අනාගතය වෙනුවෙන් මුදල් වැය කිරිිමට යාම නිසාය.
පසුගිය මැතිවරණයට ඉදිරිපත්වුන නිමල් ලංසා සිය කාර්යාලක් බවට පත්කරගත්තේ නගර සභාවය.
සිය මැතිවරණය වෙනුවෙන් බඩු බෙදිමට යෙදවුනේද මහනගර සභාවේ බදු ගෙවන ජනයාගේ මුදල්ය.
එතකින් නොනැවතුන නගරාධිපති දයාන් ලංසා මිගමුව මහනගර සභාව සතුව පැවැති රුපියල් කෝටි 7 ක ස්ථිර තැන්පතුවද යොදාගනිමින් අයියාගේ ඡන්දයට කඩිමුඩු ව්‍යාපෘති 72 ක් සැලැසුම් කලේය.
සැබැවින්ම මිගමුවේ කටයුතු සිදුව තිබුනේ විපක්ෂයක් නැති ගානටය.
මේ ආකාරයෙන් මහජන බදු මුදල් පවුලක සුඛවිහරණය වෙනුවෙන් කාබාසිනියා කළ නගරාධිපති දයාන් ලංසා මුළු මිගමුවම දැවැන්ත අර්බුදයක දමා තවත් දේශපාලන පිම්මකට සැරසෙයි.
එනම් පළාත් සභාවට තරඟ කිරිම සදහාය.
නගරයක් පාලනය කරගැනිමට නොහැකි එහි බදු මුදල් පවුලක් උවමනාවන් වෙනුවෙන් යෙදු අශික්ඛිත දේශපාලකයෙකුට පළාතක් විනාශ කරන්නට ඉඩ දෙනාවදැයි මිගමුවේ බුද්ධිමත් ජනයා දැන් සිටම  කල්පනා කළ යුතුව තිබේ.