මීගමුව මහනහර සභාවේ මුදල් කාරක සභාවෙන් ජේෂ්ඨ මන්ත්‍රින් කැපේ ? ?

0
54

ngb attack 3මීගමුව මහනගර සභාවේ 2015 වසර  සදහා කාරක සභා  වලට නාගරික මන්ත්‍රිවරුන් පත් කිරිම අද පැවැති මහසභා අවස්ථාවේදි සිදුවිය.
මෙවර මුදල් කාරක සභාවේ සංයුතිය අන් කිසිදු වසරකට වඩා වෙනස්ය. කලින් පැවැති සෑම වසරකදි විපක්ෂයෙන් ඒ සදහා තොරාගැණුනේ ආණ්ඩුපක්ෂයටද වඩාත් විශ්වාසවන්න අයෙකි.මේ අනුව 2013 වසර සදහා විපක්ෂයෙන් කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයාද 2014 වසර සදහා නස්මියාර් මන්ත්‍රිවරයාද මෙසේ මුදල් කාරක සභාව නියෝජනය කර තිබුණි.
එහෙත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පළාත් පාළන මුදල් රෙගුලාසි ගැන අවබෝධයක් සහිත මන්ත්‍රිවරුන් සිටියේය.
එහෙත් මෙවර ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේද සහය ඇතිව තෝරාගෙන ඇත්තේ නාගරික මන්ත්‍රි දායන් ලංසා සහ සේපාලක මොරවක යන මන්ත්‍රිවරුන්ය.
ආණ්ඩු පක්ෂ ජේෂ්ඨ මන්ත්‍රින්ගේ නියෝජනය මෙසේ ඉවත් කර තිබිම කිසියම් අයකුගේ සියුම් සැලැස්මක  ප්‍රථිපලයක්ද යන්න මේ වන විට මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල කථා ඉහ වන්නට පටන් ගෙන තිබේ.
නම සදහන් කිරිමට අකමැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු කියා සිටියේ මේ සැලැස්මේ මහමොළකරු ඇමති නිමල් ලංසා විය හැකි බවය.