මෙම කාරක සභා අවස්ථාවට මිගමුව මහා නගර සභාවේ ප්‍රධාන නාගරීක ඉංජිනේරුවරයාද සහභාගී වී සිටි ඇති අතර ඔහු මේ සම්බන්ධයෙන් ඔහු කිසිවක් ප්‍රකාශ කර නොමැත.
එලෙසම සුනිල් සිල්වා නාගරිකමන්ත්‍රිවරයා පවසා ඇත්තේ ව්‍යාපාරික ගොඩනැගිලි අනුමත කර ගැනිමේදී ගිණි නිවන ඒකකය භාර ස්ථාන භාර නිලධාරියාගෙන් අනුමැතියක් අවශ්‍ය අතර එය ලබා දීමේදීද සමහර පුද්ගලයන්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගෙන ඇති බවට තමන්ට වාර්තා වී ඇති බවයි.
එලෙසම එහිදී පැන නැගුණ ප්‍රශ්ණයට පිලිතුරු දුන් සුනිල් සිල්වා නාගරික මන්ති්‍රවරයා පවසා ඇත්තේ නිව්ටන් හෙන්රි හිටපු නගරාධිපතිවරයාව පවා අල්ලස් ගෙන කටයුතු කරන විට ඔහුව අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට පවා කටයුතු කලේ තමන් විසින් බවයි.