මීගමුව මහා නගර සභාවේ ගස් මාරු සෙල්ලම

0
264

මීගමුව මහා නගර සභාවේ මාර්තු මස මහා සභා රැස්වීමට විපක්ෂයේ (එ.ජා.ප.යේ ) ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා විසින් මහා නගර සභා භුමියේ තිබූ තේක්ක ගසක් සහ කොට්ටන් ගස් කිහිපයක් කපා දැමීම පිලිබදව වු යෝජනාවක් ඉදිරිපක් කර තිබිනි.
එහිදී මන්ත්‍රීවරයා විසින් පෙන්වා දී තිබුනේ මහා නගර සභා අඥා පනත අනුව සභාවට අයත් දේපල විකිණිම වැනි කටයුත්තකදී එලෙස ගනුදෙනුවක් සිදු කරන්නට පෙර මහා නගර සභාවේ අනුමැතිය ලබා ගත යුතු බවයි. එහෙත් මෙහිදී එවන් නීතිමය ක්‍රියාවලියක් සිදු නොකර මෙම ගස් කපා දමා පසුව එය මාධ්‍ය මගින් හෙලිදරව් වීමෙන් පසු එම ගස් වල දැව වෙනුවට බාල දැව කදන් නැවත නගර සභා භූමියට ගෙනවිත් දමා ඇති බවද එම යෝජනාවේ සදහන් වේ.
මෙවන් තත්වයක් මහා නගර සභා ආඥා පනත උල්ලංඝනය කිරීමක් බවත් මේ සියළු කටයුතු සභාවේ පාලක පක්ෂය හා නිලධාරීන් සිතා මතා කල නීති විරෝධී දුෂන කී්‍රයාවක් බවද ඔහු පෙන්වා දේ. එලෙසම එම යෝජනාව මගින් ඔහු ඉල්ලා සිටින්නේ එම නීති විරෝදී කි්‍රයාව සිදු කල අයට නිසි දඩුවම් ලබා දිය යුතු බවත් වැරදිකරුවන් වන අයගෙන් එම සම්පත් වල වටිනාකම් රාජ්‍ය ගිණුම් අංශය විසින් තක්සේරු කරන ආකාරයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
එම යෝජනාව සම්බන්ධයෙන් 2013/02/24 දිනය යොදමින් මහා නගර සභාවේ නාගරික ලේකම්වරයා විසින් ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයාට ලිපියක් යොමු කර තිබේ.  එනම් ඉහත සදහන් කල මාර්තු මස මහා සභාවට ඉදිරිපත් කල යෝජනාව මහා සභා න්‍යාය පත්‍රයට ඇතුලත් කර නොමැති බවයි. එහිදී නාගරික ලේකම්වරයා සදහන් කර ඇත්තේ නගර සභා භූමියේ දිරාපත්ව ගිය ගස් තුනක් නගරාධිපතිවරයාගේ නියෝගය මත අදාල නිලධාරීන් පරීක්ෂා කර බලා නීත්‍යානුකූල අයුරින් ඉවත් කර ඇති බව ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරයාට දැන්වීමට නගරාධිපතිවරයා විසින් තමන් වෙත දැනුම්දී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විමසන්නේ දිරාපත්ව ගිය ගස් ආදාල නිලධාරීන් පරීක්ෂා කල බැලූවේ නම් එහි තක්සේරු වටිනාකම කොපමනද බවයි. එලෙසම මහා සභාවට අයත් ගස් කිහිපයක් එලෙස හිතුමතේට විකීනීමක් කල නොහැකි බවත් ඒ සදහා නගර සභා අනුමැතියක් අවැසි බවද ඔහු සදහන් කරයි. එලෙසම ඒවා විකීණිම සදහා ටෙන්ඩර් ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පවසයි. එම නීතිමය රාමුවෙන් පිට පැන සිදු වී ඇති මෙම සිදු වීම සම්පුර්ණයෙන්ම නීති විරෝදී බවද ඔහු පවසයි.