මීගමුව මහ නගරසභාවේ අබිලි යකඩ තොගයක් අතුරුදහන්වෙයි.

0
631

iron(12.35pm) පසුගිය  දිනක  මීගමුව  මහ  නගරසභාවේ   පිරිසිදු  භාවය   රැක ගැනීම  උදෙසා   ශ්‍රමදානයක්  පවත්වා  ඇත්තේ  සියළු  නිලධාරීන්ගේ   මැදිහත්වීමෙනි.   මෙම  පිරිසිදු  කිරීමේදී   විශාල  යකඩ  තොගයක්  එකතුවී ඇති  අතර වාර්තා වන අන්දමට  එම  ප්‍රමාණය  ලොරි  දෙකක්  පමණ  බව   ප්‍රකාශවේ. මීගමුව මහ නගරසභාවේ   නගරාධිපති  සහ  නාගරික  කොමසාරිස් වරියගේද  සහාය  ඇතිව  මෙම  යකඩ  තොගය  මන්ත්‍රීවරයෙකු  විසින්   හොරෙන්ම  රැගෙනගොස් ඇති බවත්,   එසේම  එය  මිලකර  ලබාගත්  මුදල්  තවත්  මන්ත්‍රීවරු  අතර  බෙදීගොස්  ඇති  බවත්  මේ වනවිට නගර සභා ආරංචි මාර්ග සදහන් කරයි.

මීගමුවේ  ඇති  පොදු  දේපල  සහ  එවැනි  වස්තූන්  රැක බලා  ගත්  මිනිස්සු  වෙනුවට  ඒවා  තමන්ගේ  පුද්ගලික වුවමනාවන්  සඳහා  යොදාගන්නා  මිනිසුන්  පාලකයින්  බවට  පත්වූ  විට  මෙවැනි   තත්වයක්  උදාවීම  අරුමයක්  නොවන  බව  පැහැදිළිය.  මීගමු  නගරයේ  සිදුවෙමින්  පවතින  අනෙකුත්  සිදුවීම්  සමඟ  සසඳා  බලනවිට  මෙය  තහවුරුවේ.