මීගමුව මහ නගර සභාවේ දුෂණ ගැන නිහඩව සිටි විපක්ෂ මන්ත්‍රි , නගරාධිපති දයාන් ලංසා වෙනුවෙන් කට අරියි ?

0
116

MC UNP team 1මීගමුව මහනගර සභාව තුල පවතින දුෂණ වංචා අක්‍රමිකතා ගැන විපක්ෂයේ බහුතරයක් නාගරික මන්ත්‍රිවරු අනුගමනය කරන්නේ නිහඩ පිළිවෙතකි.මේ නිසා පාලක පක්ෂයට සිය හිතුවක්කාර තින්දු ක්‍රියාත්මක කිරිමට පහසු ඉඩක් නිර්මාණය වි තිබේ.
තතු එසේව තිබියදි විපක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකු වන මාක් සුජිත් නැමැත්තා සිය හඩ අවදි කර තිබුණි.
ඒ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු මෙන්ම හිටපු නගරාධිපතිද වන ඇන්ටනි ජයවිර විසින් ඉදිරිපත් කර තිබුණ යෝජනාවක් ඊයේ පැවැති මහසභා න්‍යාය පත්‍රයට ඇතුලත් කර නොතිබිම ගැනය.
එසේ ඇතුලත් නොකිරිම සම්බන්ධයෙන් හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර චෝදනා එල්ල කර තිබුනේ නාගරික කොමසාරිස්වරිය වෙතය.
2016 දි ජුනි මාසයේදි ඉදිකිරිම් ඇරඹි පුස්තකාල සංකිර්ණයේ වැඩකටයුතු තවමත් නිම නොකර තිබිම ගැනත් එයට හේතුව ලෙස ආදාල නිලධාරින් සිය වගකිම ඉටුකර නැති බවද මේ යෝජනාවේ අන්තර්ගතය වි තිබුණි.
මේ සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයා කරුණු දක්වමින් සිටියදි රිති ප්‍රශ්ණයක් තිබෙනවා යැයි කියමින් එජාප නාගරික මන්ත්‍රි මාක් සුජිත් විසින් සිය හඩ අවදිකර තිබේ.
ඒ නගරාධිපතිවරයාට හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිරව නිහඩ කිරිමට ඉඩ කඩ සලසා ලමිනි.
එජාපයේ ඇතැම් නාගරික මන්ත්‍රිවරුන්ගේ කටවල් ඇරෙන්නේ මේ වගේ තැන්වලදි පමණක් බව නම සදහන් කිරිමට අකමැති එක්තරා ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේය.